ඔබේ සහකරුවා හෝ සහකාරිය ඔබට ගැළපෙනවාද යන්න දැනගත හැකි දේවල් 06ක්

ඔබ දන්නාවාද මේ ලෝකෙ ගොඩාක් වාසනාවන්ත අයත් ඉන්නවා. එයාලා තමා තමන්ට ගැළපෙන ආදරේ කරන කෙනා එකපාරින්ම හොයාගන්න අය. නමුත් දුකට කරුණ තමා බොහෝ පුද්ගලයින්ට එසේ හමු නොවීම. තමන්ගෙ සැබෑ සහකාරයාව තෝරා ගන්න සිද්ධ වෙන්නේ වැඩි දෙනෙක්ට අත්දැකීම් වැඩි ප්‍රමාණයකින් පස්සෙ තමයි. අපි කිසිම කෙනෙක්ට කිසියම් පුද්ගලයෙක් දුටුව ගමන් එයාගේ හැටි කියන්න බෑ. අවුරුදු ගාණක් සමහර පුද්ගලයින් අදුනගන්න යන්න පුළුවන්.නමුත් සමහර විට ඔබ දැනන් ඉන්න නැතුව ඇති ඔබට ඔබ ලගින් ඇසුරු කරන ඔබේ ආදරවන්තිය හෝ ආදරවන්තයා කොහොම කෙනෙක්ද කියල හදුනහන්න විවිධ ක්‍රම තිබෙනවා. මේවා කල් තියා හදුන ගත්තොත් ඔබටත් සා‍ර්ථක වගේම සතුටු ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඉතින් අද අපි ඔයාලට අරගෙන ආවේ ඔබේ සහකරුවා ගැන දැනගන්න පුලුවන් විදි කිහිපයක් ගැන. බලන්නකෝ ඔයාලා මේවා කලින් දැනන් හිටියද කියල.

01.ප්‍රසිද්ධියේ ඇඟෑලුම්කම් පෙන්වීම.
ඔබ බොහෝ දැක ඇති සමහර ආදරවන්තයන් ප්‍රසිද්ධියේ ඔවුන්ගේ ආදරේ පෙන්නනවා. මෙය නරක දෙ‍යක් කියලද හොද දෙයක් කියලද ඔබට හිතෙන්නේ. ඔබ සිතන්නේ ඇත්තටම මොවුන් සතුටින් සිටින ජෝඩුවක් කියලද ? බොහෝ දෙනාගේ පිළිතුර නැහැ වෙන්න පුළුවන්. ඒත් ඇත්තටම පිළිතුර ඔව් කියල තමා අධ්‍යයන වලින් සොයාගෙන තිබෙන්නේ. තමන්ගේ සම්බන්ධතාවය සැඟවීමට කිසිම හේතුවක් නොමැති බව නිතරම අනෙක් අයත් එක්ක තමන්ගෙ සම්බන්ධතාවය ගැන කතා කරනවා නම්, තමන්ගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එකට තමන් සහ සහකරු එකට ඉන්න ඡායාරූපයක් දාලා තියනව නම්, ප්‍රසිද්ධ ස්ථාන වලදීත් ආදරණීය විදියට හැසිරෙන්න පැකිලෙන්නේ නැතිනම් පෙන්නුම් කරනවා. මෙවැනි සම්බන්ධතා ඇත්තෙන්ම විශ්වාසනීය සම්බන්දතා කියල තමා අධ්‍යයන වලින් සොයාගෙන තිබෙන්නේ.

02.සිප ගන්නා ආකාරය.
ආදරය වැඩි කරවන රොමැන්තික ක්‍රියාවක් තමා සිප ගැනීම කියන්නේ. ඔබට සිප ගැනීමකින් ඔබේ ආදාරය ඇත්තෙන්ම අවන්කද නැද්ද කියල කියන්න පුළුවන්.විශ්වාසනීය සම්බන්ධතා පවත්වන පුද්ගලයින් සිප ගන්නා වෙලාවට ඇස් පියාගෙන, සෙමින්, කාලය ගනිමින් දිගු වේලාවක් සිප ගන්නනවා කියල ඔබ දැනැන් සිටියද ?

03.අඩුවෙන් කෙටි පණිවිඩ යැවීම වැඩි දේවල් අදහස් කරනවා
ගොඩාක් අය හිතන් ඉන්නේ අඩුවෙන් කෙටි පණිවිඩ අරින්නේ ආදරේ අඩු නිසා කියල. ඒ උනාට ඔයාල දැනන් සිටියද ඉතාමත් සීමිතව කෙටි පණිවිඩ අරින් පුද්ගලයින් හොදින් එකි නෙකා තේරුම් අරන් තමා ඉන්නේ.තමන් කියන දෙය තමන්ගෙ සහකරුට ඇත්තටම වටහලා දෙන්න ඉතාම දිග මැසේජ් යවන්න සමහරක් පුද්ගලයින්ට අවශ්‍ය වෙනවා නම් එය එතරම් හොද දෙයක් නම් නෙමේ.කෙටි වචනයකින් දෙකකින් එකිනෙකා වටහා ගන්න හැකියාව තියෙනවා නම් ඒ කියන්නේ ඔවුන් දෙදෙනා හොදින් දැනගෙන ජීවත් වෙනවා කියන එක.

04.ඔබ සමහර වෙලාවට රණ්ඩු කරගන්නවා.
ඔබ ආදරේ කරන පුද්ගලයා සමග රන්ඩු වෙනවා කියල කියන්නේ ඔබේ හිතේ ඔබ තරහ තියන් ඉන් නෑ කියන එක. ඉතින් ඇත්තටම රණ්ඩු වෙනවා කියන එකේ ලොකූ වැරැද්දක් නෑ.ඔබ ප්‍රේම සම්බන්ධයක ඉන්නවා නම්, තවමත් ඔබ අතර කිසිදු රණ්ඩුවක් බහින්බස් වීමක් ඇති වෙලා නැතිනම් ඒකේ තේරුම ඔබ තවම එකිනෙකාට තමන්ගේ සැබෑ තත්වය පෙන්වාගෙන නොමැති බව කියල තමා සුසාන් පීස් ගඩෝවා කියන මනෝ චිකිත්සිකාව  පවසන්නේ.මින් අදහස් කරන්නේ ඇත්තටම ශාරීරිකව ඔබ වෙන රණ්ඩු පිළිබද නෙමේ. ඔනෑම පුද්ගලයින් දෙදෙනෙක් අතර එකග නොවීම් තිබෙනවා මෙවැනි තත්තවයන්ට මුහුණ දීමේදී ඇති වෙන රණ්ඩු දබර ගැන තමා ඇත්තටම මින් අදහස් වෙන්නේ. ඔබේ හිතේ තිබෙන එකග නොවීමක් ඔබේ මානසික ආවේගයේ හැටියට පිට කරගන්න අවකාශය තියෙනවා කියෙන්නේ ඔබට විශාල සහනයක්. නමුත් හැමවෙලේම එකම කෙනානම් සද්දෙන් කතා කරන්නේ අන්න එතන නම් ගැටලුවක් තිබෙනවා.

05.  ඔබට එකම විදියේ විහිලු වලට හිනා යනවා.
විකට රසය කියන දේ මිනිසාගෙන් මිනිසාට වෙනස් වෙන්න පුළුවන්. ඔබට හිනා යන දේකට තවත් කෙනෙකුට හිනා නොයන්න පුළුවන්. ඔයාල දැකල ඇති සමහර පුද්ගලයින්ට මොන දේ කිව්වත් හිනා යනවා. මෝඩ විහිළු වලට තමා පෙලක් අය කැමති ඒ වගේම තවත් අය කැමති හරිම ගැඹුරු විහිළු වලට. ඔබ දෙන්නා දිගු කාලයක් ඉතා සතුටින් ජීවත් නියමිත බව තමා ඔබ දෙදෙනාටම එකම විහිලු වලට එකම්සිදුවීම් වලට හිනා යනවා නම් ඒකෙන් අදහස් වෙන්නේ.සතුටින් ඉන්න යුවල වලින් 75%ක් ම දිනකට එක් වතාවක් හෝ එකට හිනාවෙන බව එක්තරා සඟරාවකින් කරපු සමීක්ෂණයකින් හෙළි වුණා.

06. ඔවුන් එකිනෙකාගෙ ඇස් දිහා බලනවා.
ඔබ දෙදෙනා අතරේ ගැඹුරු ආදරයක් තියෙනවා කියන්න පුළුවන් දෙයක් තමා ඔබ හිතනවා නම් ඔබට ඔබේ සහකරුගේ ඇස් දෙක දිහා ඕන තරම් වේලාවක් බලාගෙන ඉන්න පුලුවන් කියලා හිතනවා නම්.ආදරය කරන ජෝඩු ලොක් කරන ලද කාමරයක රඳවා පර්‍යේක්ෂණයක් සිදු කිරීමට 1970 සික් රුබින් නම් ප්‍රකට සමාජ මානව විද්‍යාඥයා පෙළෙඹී තිබෙනවා.ඒ තරම් දැඩි සම්බන්ධයක් නැති අය එකිනෙකාගේ ඇස් දිහා බලාගෙන ඉන්නේ මුළුකාලයෙන් 30%-60%ත් අතර කාලයක් වුණත් දැඩි ලෙස ආදරය කරන අය මුළු කාලයෙන් 75%ක් පමණ එකිනෙකාගේ ඇස් දිහා බලාගෙන සිටින බව මෙහිදී ඔප්පු වෙලා තිබෙනවා.පිටතින් බාධාවක් පැමිණි විට එකිනෙකාගේ ඇස් වල ග්‍රහණයෙන් ක්ෂණිකව මිදීමට පවා මොවුන්ට ඇත්තෙනම් අපහසු උනා. ඔබත් මෙය උත්සහ කර බලන්න අමතක කරන්න නම් එපා.

 310 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply