සිංහරාජයේ මහා වන විනාශයක් ? කිසිම මාධ්‍ය ආයතනයක් පෙන්වපු නැති ඇත්ත මෙන්න (VIDEO)

රක්වාන ප්‍රදේශයේ සිංහරාජ වනාන්තරය ආශ්‍රිතව දැවැන්ත පරිසර විනාශයක් සිදුවන බවට එම ප්‍රදේශයේ පදිංචි තරුණියක් පසුගිය දිනක පවසා සිටියා.

මේ ප්‍රකාශයත් සමගින් විශාල කතිකාවක් පැතිර ගිය අතර එලෙස එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ඉරාජ් වීරරත්න පසුගියදා අදාල ප්‍රදේශයේ සංචාරයක යෙදී තිබුණා. එහිදී පරිසර හානි සම්බන්ධයෙන් ගෙනයන ප්‍රචාර සම්පූර්ණයෙන් අසත්‍ය බවත් සිංහරාජ වනාන්තරයේ බව කියන මෙම ඉඩම පෞද්ගලික ඉඩමක් බවත් රජයේ පාර්ශ්ව සඳහන් කර තිබුණි.

එහිදී ඔහු කතාබහට ලක්ව ඇති ඉඩම්වල හිමිකරුවන් සමග සාකච්ඡා කර තිබුණු අතර එහිදී එම හිමිකරුවන් පවසා තිබුණේ මෙම ඉඩම මිලදී ගැනීමෙන් පසු එකදු ගසක් හෝ කපා දමා නොමැති බවයි.

ඉඩම් මිලදී ගන්නා විට තිබුණු තත්වයෙන්ම තවමත් තම ඉඩම් පවතින බවත්, නිවාස ඉදිකිරීම් සිදු කරන්නේ දැනට ඉතිරිව තිබෙන ගස් සියල්ලක්ම ආරක්ෂා කර ගනිමින් බවත් ඉඩම් හිමියන් පැවසීය

ඉරාජ් සමග අදහස් දැක්වූ එම ප්‍රදේශ‍යේ ජනතාව පවසන්නේ සිංහරාජ වනාන්තරය ආශ්‍රිතව දැවැන්ත පරිසර විනාශයක් සිදුවෙමින් තිබෙන බවයි. කෙසේ නමුත් ඒ පිළිබඳව කතා කරනවා වෙනුවට මෙම පෞද්ගලික ඉඩම ආශ්‍රිතව නැති ප්‍රශ්නයක් ඇති කරගෙන තිබෙන බව ඔවුන් පැවසීය

 734 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0

Leave a Reply