පාරිභෝගික අධිකාරිය තුළ රිෂාඩ් ජාතිවාදය වපුරලා

කර්මාන්ත සහ වාණිජ අමාත්‍යවරයා ලෙස රිෂාඞ් බදියුදීන් මහතා, කටයුතු කරන ලද සමයේ 2018 වසර සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට විමර්ශන නිලධාරීන් බඳවා ගැනීම ජාතිවාදී පදනමින් සහ අයථා ආකාරයෙන් සිදු කරනු ලැබ ඇතැයි, ඒ පිළිබඳව විමර්ශනය කරන ලද කමිටුව වාර්තා කර තිබේ.
 
 විමර්ශන නිලධාරීන් සඳහා මූලික සුදුසුකම ලෙස, අදාළ විෂය ක්‍ෂේත‍්‍ර ගණනාවක් යටතේ උපාධි හදාරා තිබීම මූලික අවස්ථාවේදී දක්වා තිබුණද එය ඕනෑම උපාධියක් බවට පත් කිරීම, අයැදුම්කරුවන් තෝරා ගැනීමේදී බහුතර ජාතිය වන සිංහල ජාතිය සඳහා අසාධාරණයක් සිදු කිරීම, සම්මුඛ පරීක්ෂණය සඳහා පෙනී සිටි මුස්ලිම් අයැදුම්කරුවන්ගෙන් 51%ද දෙමළ අයැදුම්කරුවන්ගෙන් 22%ක්ද සිංහල අයැදුම්කරුවන්ගෙන් 13.7%ක්ද තෝරාගෙන තිබුණු බව ද මේ පිළිබඳව වූ විමර්ශන වාර්තාව හෙළි කරයි.
 
 යම් හෙයකින් මෙම පත්වීම් සිදු කරනු ලැබුවා නම්, ඉදිරියේදී පාරිභෝගික අධිකාරිය, මුස්ලිම් අන්තවාදී මධ්‍යස්ථානයක් වීමට ඉඩ තිබූ බවත් එම අවස්ථාවේදී අමාත්‍ය ධුරය දරන ලද රිෂාඞ් බදියුදීන්ගේ සැලසුමක් අනුව මෙය සිදුව ඇති බවත් මේ පිළිබඳව සිදු කරන ලද විමසුමකදී අමාත්‍යංශ ප‍්‍රකාශකයෙකු ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට ප‍්‍රකාශ කළේය. එම අවස්ථාවේදී පාරිභෝගික අධිකාරියේ වැඩ බලන අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන ලද ඞී. ජීවනාදන් මහතා තවමත් එම අතිරේක ලේකම්වරයෙකු ලෙස සේවය කිරීම එහි සේවකයන්ගේ මවිතයට හේතුවී තිබේ. 

 1,446 total views,  15 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply