අතුරුදන්වූ සිසුවා දින තුනක් කටුබැද්දේ වසා දමා තිබූ පාසලක රැඳී සිට ඇති බවට හෙළිවෙයි!!!

රත්මලාන ප්‍රදේශයේ අතුරුදන්වී සිට හමුවූ 16 හැවිරිදි පාසල් සිසුවා කටුබැද්ද ප්‍රදේශයේ වසා දමා තිබූ පාසල් ගොඩනැගිල්ලක පසුගිය දින තුනම ගතකල බවට ප්‍රකාශ කර තිබෙනවා.

නිවසින් පිටව යන අවස්ථාවේ කෑමට බිස්කට් රැගෙන ගිය බවත් මෙම දින කිහිපයම බිස්කට් ආහාරයට ගනිමින් ගත කළ බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර සිසුවා සඳහන් කරන පාසල දැනට වසා තිබෙන බවත් සිසුවා එම පාසල් ගොඩනැගිල්ලේ සිටි බවට ප්‍රකාශ කළ බවත් පොලිසිය පවසනවා.

කෙසේ වෙතත් ඔහුගේ ප්‍රකාශයේ සත්‍යතාව සහ ඔහු සැබෑ ලෙසම නිවසින් පිටව යාමට හේතුව කුමක්ද යන්න සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

 1,420 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
1
+1
2

Leave a Reply