කලින් ලැම්බෝගිණි, රත්තරන් අශ්වයෝ, බේබිලාට චොපර්, අලුත් එක කපනවෝ කපනවෝ!!!

ශ්‍රී ලංකාව කොරෝනා එන්නත් ලබා දෙන සුළුතරයක් වූ රටවල් අතුරින් එකක් බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා.

ඒ ඊයේ පැවති රැස්වීමක් අමතමින්

කොරෝනා වසංගතය හමුවේ රටේ ආර්ථිකය අඩාල වීමට ඉඩ නොදී සංවර්ධන කටයුතු කරමින් පවතින බවයි ඒ මහතා අවධාරණය කර සිටින්නේ.

වර්තමානයේ සංවර්ධන කටයුතු වලට ඇති විශාලතම බාධකයක් වන්නේ පරිසරය ගැන විවිධ කරුණු මතු කරන පිරිස් බවත් ඔවුන් පසුගිය රජය සමයේ මෙලෙස හඬක් නොනැගූ බවත් ඒ මහතා පවසනවා.

“2015ට කලින් ලැම්බොගිණි, රත්තරන් අශ්වයෝ, බේබිලාට චොපර් වගේ පච අවලාද මෙහෙයුමේ දෙවනි වටය තමයි මේ ආරම්භ වෙලා තියෙන්නේ කපනවෝ කපනවෝ කියලා. කැලෑ කපනවා නම් ඔය කාටත් කළින් විරුද්ධ වෙන්නෙ අපි. පාරක් හැදුවත් කැලෑව කපනවෝ ගානවා. රටේ සංවර්ධනය අඩාල කරන්නයි මෙහෙම කරන්නේ” යැයි ඒ මහතා පවසනවා.

 839 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0

Leave a Reply