කළු ඉරිදා විරෝධතාවය තුන්වැනි දිනටත් අද (21) දිනයේදීත් ක්‍රියාත්මකයි!!!

පාස්කු ඉරිදා දින ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට යුක්තිය ඉල්ලා පවත්වන කළු ඉරිදා විරෝධතාවය තුන්වැනි දිනටත් අද (21) දිනයේදී ක්‍රියාත්මක බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් පවසයි

එම ප්‍රහාරයට වගකිවයුත්තන් හෙළිදරව් කර යුක්තිය ඉටුවන තුරු අරගලය නවත්වන්නේ නොමැති බවයි කාදිනල්තුමන් පවසන්නේ.

කළු ඉරිදාවෙන් ආරම්භ කළේ ගමනක් පමණක් බව පවසන මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් වැඩිදුරටත් පවස්න්නේ විවිධාකාර ක්‍රියාකාරකම් සහිතව කළු ඉරිදාව දිගටම පවත්වාගෙන යන බවයි.

මෙම ඉරිදා දිනයේදී දේව මාතා මැදිහත්වීම පතා ජපමාල ධ්‍යානයක් පැවැත්වීමට බලාපොරොත්තු වන බවත් පාස්කු ප්‍රහාරයට මාස 23ක් ගතවන අද දින දේව මාතා ප්‍රතිමා වටා එක්ව මෙම කටයුත්ත කිරීමට සූදානම් බවයි කොළඹ අගරදගුරු පදවි ජන සන්නිවේදන අධ්‍යක්ෂ ගරු ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමන් පවසන්නේ.

 732 total views,  15 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply