මේජර් ජෙනරාල් ප්‍රියංකගේ බ්‍රිතාන්‍ය නඩුවේ තීන්දුව එයි

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙස සේවයේ නිරතව සිටි මේජර් ජෙනරාල් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහි නඩු තීන්දුව ඉවත දමා ඔහු නිදොස් කොට නිදහස් කිරීමට එරට මහාධිකරණය තීරණය කරයි. 

ඒ ඔහුට විරුද්ධව වෙස්ට්මින්ස්ටර්  මහේස්ත්‍රාත් අධිකරණය ලබාදී තිබූ තීන්දුව නිශ්ප්‍රභ කරමින්ය. 2018 වසරේ පෙබරවාරි 04 වනදා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට එල්ටීටීඊයට සහය දක්වමින් උද්ඝෝෂණයේ නිරත පිරිසකට හස්ත සංඥා කරමින් තර්ජනය කළ බවට චෝදනා කරමින් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව බ්‍රිතාන්‍ය වෙස්ට්මින්ස්ටර් අධිකරණයේ නඩුවක් ගොනු කර තිබුණි. 

2019 දෙසැම්බර් 06 වෙනිදා එහි තීන්දුව ලබාදෙමින් නියෝග කෙරුණේ බ්‍රිතාන්‍ය මහජන සාමය පනත උල්ලංඝනය කිරීමේ වරද වෙනුවෙන් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට පවුම් 2400 ක දඩ මුදලක් නියම කරන ලෙසයි. ඊට එරෙහිව ප්‍රියංක ප්‍රනාන්දු මහතා බ්‍රිතාන්‍ය මහාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළේය. ඊයේ දිනයේ එහි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් බ්‍රිතාන්‍ය මහාධිකරණය ප්‍රියංක ප්‍රනාන්දු මහතා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර ඇත.

 1,413 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply