ඇතැම් පිරිස් රට විනාශයට ඇද දමනවා – ජනපති පවසයි

රජයේ ප්‍රගතිය මැන බැලීමේදී රජය අනුගමනය කරන ප්‍රතිපත්ති සහ ඒවායේ ප්‍රතිලාභ නොදකින ඇතැම් පිරිස් දුර්මත සමාජගත කරමින් රට යළිත් විනාශයට ඇද දැමීමට උත්සාහ කරමින් සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

ජනතාවගේ ප්‍රශ්න හඳුනා ගත් විට රජයට නිහඬව සිටීමට නොහැකි බව පෙන්වා දෙන ඒ මහතා දේශීය කිරි කර්මාන්තය දියුණු කිරීම සඳහා ගවයන්ට ආහාර පිණිස තෘණ බිම් ඇති කළ යුතු අතර පාරම්පරික ඉඩම් ගොවීන්ට අහිමි වී ඇත්නම් ඊට විසඳුමක් දීම පරිසර විනාශයක් නොවන බවද රජය කිසි විටෙකත් වනාන්තර කපා දැමීමට අනුබල දී නැති බවද පෙන්වා දෙයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ අදහස් පළ කළේ ජනාධිපති කාර්යාලීය සභා ශාලාවේදී පෙරේදා (18) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා නියෝජිතවරියන් හා ක්‍රියාකාරිනියන්ගේ හමුව අමතමිනි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් සෑම දිස්ත්‍රික්කයකින්ම කාන්තා ක්‍රියාකාරිණනියන් සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියන් හමුවට එක්ව සිටියහ.

 966 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply