රිෂාඩ් සජබයේ සාමාජිකයෙක් නොවෙයි – හිරුණිකා කියයි

විල්පත්තු රක්ෂිතය විනාශ කළ බව කියන රිෂාඩ් බදියුදීන් මහතා සමඟි ජනබලවේගයේ සාමාජිකයෙක් නොවන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඊයේ (19) පැවසීය.

ඇය මේ බව කියා සිටියේ සිංහරාජ වනාන්තරය එළි පෙහෙළි කරන ලද බවට රූපවාහිනි වැඩසටහනට එක් වෙමින් ප්‍රකාශ කිරීම හේතුවෙන් තර්ජනයට ලක් වූ බව කියන භාග්‍යා අබේරත්න නමැති තරුණියට සහාය වීම සඳහා විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

විල්පත්තු රක්ෂිතය එළි පෙහෙළි කළ බවට චෝදනා සමඟි ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රීවරයෙක් වන රිෂාඩ් බදියුදීන් මහතාටත් එල්ල වී තිබෙනවා නේද යන්න එහිදී මාධ්‍යවේදියකු විමසා සිටියේය.

ඊට පිළිතුරු දෙමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කියා සිටියේ ඔහු මුස්ලිම් පක්ෂයක නායකයෙක් පමණක් බවය. ඔහු සමඟි ජන බලවේගයට සම්බන්ධයක් නැති බව කියා සිටි ඇය මැතිවරණයට පමණක් ඔහු සමඟි ජන බලවේගය සමඟ සන්ධානගත වූ බවත් කීවාය

 861 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0

Leave a Reply