හන්තාන වගේද සිංහරාජය ? – කිරිඇල්ලගේ දුව නිරුත්තර වෙයි

පසුගිය රජය සමයේ හන්තානෙන් ඉඩම් මංකොල්ලයකට සම්බන්ධ ලක්ෂ්මන් කිරිඇල්ලගේ දියණියක් මාධ්‍ය හමුවේ .

සිංහරාජ වන විනාශයක් ගැන කතා කරන්න භාග්‍යය වෙනුවෙන් සමගි වනිතා බලවේගයේ සාමාජිකාවක් වන හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ දියණිය වන චන්ද්‍රනි කිරිඇල්ල හන්තාන රක්ෂිතයේ අක්කර 8 ක ඉඩමක් ලබා ගත් බව මාධ්‍ය හමුවේ දී පිළිගනී .

මෙම රජය කැලෑ විනාශ කරන බවට සමගි ජන බලවේගය කාන්තාවන් අද විපක්ෂ නායක කාර්යාලයේදී මාධ්‍ය හමුවක් පැවැත් වූ අතර මෙහිදී භාග්‍යා නැමැති කාන්තාවකගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින බවත් ඔවුන් කියා සිටියා එම අවස්ථාවේදී මාධ්‍යවේදීන් විසින් ලක්ෂ්මන් කිරිඇල්ල හිටපු ඇමති තුමාගේ දියණියගෙන් ප්‍රශ්න කිහිපයක් විමසා සිටියා .

හන්තාන රක්ෂිතයේ තමන්ට අනවසර ඉඩමක් ඇති බවට මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න වලට එතුමිය එම ඉඩම තමා සතුව තවමත් පවතින බව පිළිගත්තා .

මෙම මාධ්‍ය හමුවට හිටපු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය හා සමගින් කාන්තා බලවේගයේ නීතිඥවරියන් කිහිප දෙනෙකු ද එක්ව සිටියා.

ජනාධිපතිතුමා පුංචි ළමයින්ටත් බියවී වන විනාශ කරුවන් ආරක්ෂා කරන බවත් භාග්‍යා නැමැති කුඩා දැරිය වෙනුවෙන් පෙනී සිටින බවත් ඇයගේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිරියේදී ක්‍රියා කරන බවත් කාන්තා සංවිධානය කියා සිටියා.

පසුගිය රජය සමයේ සිදු වන විනාශ පිළිබඳව මුනිවත රකින්නේ ඇයි දැයි මාධ්‍යවේදීන් මෙහිදී දිගින් දිගටම ප්‍රශ්න කරමින් සිටියා .

ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ දියණිය ද මෙම මාධ්‍ය හමුවේ දී හමුවේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න වලට අපහසුතාවයට පත්ව සිටි අතර ඇයට හන්තාන රක්ෂිතයේ ඉඩමක් ඇති බව පිළිගනු ලැබුවා.

සමගි ජන බලවේගය විසින් පසුගිය රජය සමයේ විශාල වන විනාශයකට එක්වූ බදුර්දීන්ව තවමත් ආරක්ෂා කරනවා දැයි මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිස කියා සිටියේ බදුර්දීන් තම පක්ෂයේ අයෙකු නොවන බවයි. මෙය ඉතා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් බව ද මාධ්‍යවේදීන් දිගින් දිගටම ප්‍රශ්න විමසා සිටියා .

 1,252 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply