ඇමති රෝහිතට එරෙහි අල්ලස් නඩුවෙන් නිදහස්

අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කරලා තිබූ නඩුවෙන් අමාත්‍යවරයා නිදහස් කරන්නැයි කොළඹ අධිකරණය අද(19) නියෝග කළේය. 

අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් 2010 – 2014 කාලවකවානුයේ රුපියල් ලක්ෂ 412 ක් වටිනා මුදල් හා වත්කම් උපයා ගත් බවට චෝදනා කරමින් පසුගිය යහපාලන රජය සමයේ අල්ලස් කොමිසම මෙම නඩුව පවරා තිබුණි. එය කොළඹ මහධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා ඉදිරියේ අද කැදවනු ලැබීය. 

අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට දැනුම් දුන්නේ මෙම නඩුව තවදුටත් පවත්වා ගෙන නොයන බවයි. ඒ අනුව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා මෙම නඩුවෙන් නිදහස් කිරීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කරන ලදි

 553 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply