ඩකා නුවරදී අගමැතිට උණුසුම් පිළිගැනීමක්

දින දෙකක සංචාරයක් සඳහා බංග්ලාදේශය බලා පිටත්වූ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ඩකා අගනුවර හස්රාත් ශාජලාල් ගුවන්තොටුපොළ පැමිණි බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සදහන් කරයි. 

එහිදී බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා මහත්මිය විසින් මහින්ද රාජපක්ෂ මහතා ව පිළිගත් බව සදහන් වේ. මෙම සංචාරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා, බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් අබ්දුල් හමීඩ් ඇතුළු එරට ඉහළ පෙලේ නිලධාරීන් සමග ද්වි පාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

 624 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply