ජීවන වියදම පාලනයට තියෙන එකම ක්‍රමය නිෂ්පාදනය සහ ආදායම ඉහළ නැංවීමයි

ජීවන වියදම පාලනයට ඇති ප්‍රධානම මග, නිෂ්පාදනය සහ ආදායම් වැඩි කිරීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. 

“ජීවන වියදම පාලනයට ඇති ප්‍රධානම මග නිෂ්පාදනය සහ ආදායම් වැඩි කිරීම. ආනයනය කරන භාණ්ඩ මිල තීරණය වන්නේ ලෝක වෙළෙඳපොළ බලවේග අනුව. ඒවායේ මිල පාලනය කළ හැක්කේ බදු අඩු කිරීමෙන්. රට තුළ වගා කළහැකි භෝග ද්‍රව්‍ය 17ක් හඳුනාගෙන ඒවා ආනයනය සීමා කළා. දැන් මේ භෝග රට තුළ වගා කිරීම පටන් අරන්. ඉන් ලැබෙන ආදායම යන්නේ අපේ ගොවීනට, අපේ ගමට” යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටී. 

කලින් රුපියල් 32ක් වූ වී කිලෝවකට ගෙවන මිල රුපියල් 50ට වැඩි කිරීමෙන් පසු නිෂ්පාදනය සේම ගොවීන්ගේ ආදායම ද ඉහළ ගිය බව එතුමා සඳහන් කරයි. වී මිල වැඩි කිරීමේ වාසිය එක් ප්‍රදේශයකට නොව මුලතිව්, කිලිනොච්චි, යාපනය දිස්ත්‍රික්කවල ජනතාවට ද හිමි වී ඇති බවත් මානව හිමිකම් ගැන කථා කරන පිරිස් මේ නිසා ජනතාවට ලැබී ඇති ප්‍රතිලාභ ගැන කිසිවක් නොකියන බවත් ජනාධිපතිතුමා පෙන්වා දෙයි. 

ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේ ඊයේ (18) සවස ජනාධිපති කාර්යාලීය සභා ශාලාවේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා නියෝජිතවරියන් හා ක්‍රියාකාරිනියන්ගේ හමුව අමතමිනි

 521 total views,  25 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply