කටුනායක ආරක්ෂාවට සුනඛ බලකාය කැඳවයි – ඡායාරූප මෙන්න

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ පුපුරන ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය පිළිබඳව ආවේක්ෂණ රාජකාරී වල නිරත වීම සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් නෙදර්ලන්තයේ සිට මෙරටට ගෙන්වන ලද විශේෂ වර්ග වල සුනඛයන් 12 දෙනෙකු 03/18 දින සිට රාජකාරියේ යොදවා තිබේ.

ලැබ්‍රඩෝර් , ජර්මන් ෂෙපර්ඩ් , ඉන්ග්ලිස් ස්ප්‍රින්ගර් ස්පෑනියල්  ඇතුළු සුනඛයන් 12 දෙනෙකු මාස 06 ක විශේෂ පුහුණුවකින් අනතුරුව කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ , පිටත්වීමේ පර්යන්ත ඇතුළු විශේෂ ස්ථාන කීපයක මොවුන් ආවේක්ෂණ රාජකාරී වල යොදවා තිබේ.

මෙම සුනඛයන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් රැක බලා ගනිමින් මෙසේ සේවයට යොදවා තිබේ.

මෙම සුනඛයන් පිරිස , ඔවුන්ගේ හසුරුවන්නනන් සමග තම සේවා සදහා වාර්තා කිරීමට පෙර කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ පරිශ්‍රයේ දී සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති , විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි මහතා හමුවේ මෙසේ පෙනී සිටියහ.

මෙම අවස්ථාවට මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එයා මාර්ෂල් සුදර්ශන පතිරණ , ගුවන් කොමදෝරු දිල්ෂාන් වාසගේ යන මමහත්වරුන් ද සහභාගී වී සිටියහ

 871 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply