අගමැති බංග්ලාදේශය බලා පිටත්ව යයි

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තිබෙන මිතුදම ශක්තිමත් කර ගනිමින් දෙදින නිල සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (19) උදෑසන බංග්ලාදේශය බලා පිටත්ව ගිය බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි. 

බංග්ලාදේශ ජනරජයේ ජාතියේ පියා ලෙසට සැලකෙන බංගබන්දු ෂෙයික් මුජිබර් රහ්මාන් (Bangabandhu Sheikh Mujibur Rahman) මහතාගේ ජන්ම ශත සංවත්සරය හා බංග්ලාදේශයේ නිදහස් ස්වර්ණ ජයන්තිය සැමරීමට සමගාමීව බංග්ලාදේශ මහජන සමූහාණ්ඩුවේ අගමැතිනී ෂෙයික් හසීනා (Sheikh Hasina) මහත්මියගේ ආරාධනයකට අනුව අගමැතිවරයා මේ සංචාරයේ නිරත වෙයි. 

බංගබන්දු ෂෙයික් මුජිබර් රහ්මාන් (Bangabandhu Sheikh Mujibur Rahman) මහතාගේ 100 වැනි ජන්ම දිනය සහ බංග්ලාදේශයේ නිදහස් ස්වර්ණ ජයන්තිය සැමරීම සඳහා ප්‍රකාශයට පත් කරන ලද “මුජිබ් වර්ෂය” (Mujib Year) නිමිත්තෙන් අද (19) පස්වරුවේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා දේශනයක් පැවැත්වීමට නියමිතය. එසේම දෙරට අතර ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට ද නියමිත බව සදහන් වේ.

 577 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply