රාජිත සහ චතුර පුතාගේ තවත් කිඹුල් නාටකයක් මාට්ටු-පැහැරගත් බව කියූ මාධ්‍යවේදියාගේ පාපොච්චාරණය මෙන්න

එක්තරා පිරිසක් විසින් තමාව පැහැරගෙන ගොස් පහර දී වධ හිංසා කරමින් චිප් පතක් ඉල්ලූ බවට සියරට පුවත්පතේ නිදහස් මාධ්‍යවේදියකු විසින් කර තිබූ පැමිණිල්ල සම්පූර්ණයෙන් අසත්‍ය බව පොලිස් විමර්ශනවලදී හෙළි වී තිබේ.

තමන්ගේ එම පැමිණිල්ල අසත්‍ය බව එම මාධ්‍යවේදියා විසින්ම පිළිගනිමින් පාපොච්චාරණයක් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ඊයේ (18) ප්‍රකාශ කළේය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහත්වරුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට පියවර ගන්නා බවද ඒ මහතා කීවේය. ඔහු මේ බව කියා සිටියේ ඊයේ පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

පැහැරගෙන ගිය පිරිස විසින් චිප් පතක් ඉල්ලමින් තමන්ගේ දෑත් පිලිස්සූ බවට මොහු ප්‍රකාශ කර ඇතත් පොලිසිය විසින් අනාවරණය කර ගෙන ඇත්තේ ඔහු තමන්ගේ නිවෙසේදීම මේසන් හැන්දකින් දෑත් පුලුස්සාගෙන ඇති බවයි.

ඊට අදාළ මේසන් හැන්ද පොලිස් භාරයට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ අදාළ පුද්ගලයා නිවෙසේදී තුවාල කර ගෙන පසුව තිඹිරිගස්යාය ප්‍රදේශයේ පිහිටි චතුර සේනාරත්න මහතාගේ කාර්යාලයකට ගොස් පැය තුනහමාරක කාලයක් රැඳී සිට ඇති බවයි. එම කාර්යාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා හමු වූ බව මේ මාධ්‍යවේදියා පොලිසියට කියා ඇති බවද හෙතෙම කීය.

ඔහු පැහැර ගත් බව පැවසෙන ස්ථානවලට අදාළ සීසීටීවී දර්ශන සහ තවත් පර්වේශනීය සාක්ෂි රැසක් සැලකිල්ලට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දීර්ඝ විමර්ශනයක් මේ වන විට ආරම්භ කර තිබේ.

තමාව පැහැර ගෙන ගොස් කොළඔ මාලිගාවත්තෙ අතහැර දමා ගිය බව ඔහු සඳහන් කළද සැකකාර මාධ්‍යවේදියා මීගමුව සිට දුම්රියකින් දෙමටගොඩ දුම්රිය ස්ථානයට පැමිණ එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතාගේ තිඹිරිගස්යායේ පිහිටි ඔහුගේ කාර්යාලයට ගොස් සබජ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා එහි එන තෙක් පැය තුන හමාරක් රැඳී සිට ඉන් අනතුරුව රෝහලට ප්‍රතිකාර ගැනීම සඳහා කොළඹ ජාතික ඇතුළත් වී ඇති බවත් අජිත් රෝහණ මහතා පැවසීය.

සැකකාර මාධ්‍යවේදියා අසත්‍ය පැමිණිලි කිරීම, රජයට චෝදනා කිරීම සම්බන්ධයෙන් කොළඹ අලුත්කඩේ අධිකරණයට කරුණු වාර්තා කර අධිකරණ ක්‍රියා මාර්ග ගන්නා බවත් කියා සිටි අජිත් රෝහණ මහතා ජිනීවා මානව හිමිකම් කොමිසම පැවැත්වෙන කාලය තුළ ශ්‍රී ලංකාව අපකීර්තියට පත් කිරීමේ සැලසුමක් මේ තුළ තිබේද? ඔහු එලෙස අසත්‍ය පැමිණිල්ලක් කර බලාපොරොත්තු වූයේ කුමක්ද යන්න පිළිබඳ සහ ඉන් ජාතීන් අතර ගැටලු ඇති කිරීමේ පෙළඹවීමක් ඇද්ද යන්න සොයා බැලෙන බවත් කියා සිටියේය.

 1,116 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply