ඔබේ සම අඳුරු වී පෙනෙන්නේ මේ හේතූන් 5 නිසයි.

අපි හැම දෙනාටම අවශ්‍ය දීප්තිමත්, දිදුලන හා සෞඛ්‍ය සම්පන්න සමක් ලබාගන්න. සම ‘අහිතකර’ සාධකවලට නිරාවරණය වන විට අඳුරු වීමේ ලක්ෂණ පෙන්වීම ආරම්භ කරනවා. මේ අහිතකර සාධකවලට දිනපතා අවම වශයෙන් පැය අටක් වත් නිදා නොගැනීම, සමබර ආහාර වේලක් නොගැනීම සහ අධික ආතතියෙන් සිටීම ආදී කරුණු ඇතුලත් වෙනවා. මේ තත්වයට   එරෙහිව සටන් කරන්න නම් ඔයා මුලින්ම කරන්න ඕනි ඔයාගේ සමට අඳුරු පෙනුමක් ඇති වෙන්න බලපාන හේතු හොයා ගන්න එක. ඉන්පසුව ඒ සඳහා සුදුසු විසඳුම් යොදන්න පුළුවන්. රූපය ගැන වඩාත් සැලකිලිමත් වෙන අය මේවා පිළිබඳව අවධානයෙන් ඉන්න එක වැදගත් වෙනවා.

01. සමේ මැරුණු සෛල ඉවත් නොකිරීම

සමේ දීප්තිය හා පැහැපත් බව පවත්වා ගැනීම සඳහා, සක්‍රීය සෛල මතුපිටට ගෙන ඒමට සමේ තියෙන සෛල මිලියන ගණනක් හැමදාම මිය යනවා. අපේ සමට අඳුරු පෙනුමක් ලැබෙන්නේ සමහර වෙලාවට මේ මැරුණු සෛල සියල්ලම  ස්වභාවිකවම ඉවත් නොවන නිසා. 

විසඳුම: මැරුණු සම මෘදු ලෙස ඉවත් කරන්න ස්ක්‍රබ් එකක්, මැරුණු සම ඉවත්කරන ප්‍රතිකාරයක් සතියකට දෙවතාවක් භාවිතා කරන්න. එවැනි ස්වභාවික අමුද්‍රව්‍ය යොදා ගෙන සාදා ගත හැකි ස්ක්‍රබ් කිහිපයක් පහත දැක්වෙනවා.

** කෝපි සත්කාරය, මුහුණේ තියෙන අඳුරු ලප ඉවත් කරන්න උපකාරී වෙනවා. කෝපි කුඩු මේස හැඳි 2 කට පිරිසිදු පොල් තෙල් මේස හැඳි 1ක් එකතු කරන්න. 

** සංවේදී සමක් තියෙන ඔයාට මේ ක්‍රමය විශේෂයි. කුඩු කරගත් ඕට්මීල් මේස හැඳි 2 කට මී පැණි මේස හැඳි 1/2 ක් එකතු කරන්න.

** මේක ඔයාගේ සමේ තෙතමනය රඳවා ගන්න පිටුවහලක් වෙනවා. ඔලිව් ඔයිල් තේ හැඳි 3 කට සීනි මේස හැඳි 2ක් එක් කරන්න. 

** මේ ක්‍රමය වැලමිට සහ දනහිස ප්‍රදේශ ස්ක්‍රබ් කරන්නත් ඉතා සුදුසු වෙනවා. ලෙමන් යුෂ වලට සීනි ඝන දියරය එකතු කරන්න.

02. විඩාවට පත් වී සිටින සම කෙරෙහි අවධානය යොමු නොකිරීම

රැකියාවේදී නැත්නම් නිවසේදී දැඩි ආතතියකට පත් වෙන දවස් වලට සාමාන්‍යයෙන් අපේ සම ද විඩාවට පත්වන නිසා සම අඳුරුවෙන්න පටන් ගන්නවා.

විසඳුම: ආතතිය දුරු කරන්න තියෙන හොඳම ක්‍රමය තමයි භාවනා කිරීම. මුලින්ම ඔයා ඔයාගේ සමට ආදරය පෙන්වන්න. රුධිර ප්‍රවාහය උත්තේජනය කිරීමට මොයිස්චරයිසර් එකක් සමඟ නිවසේදී ම මුහුණ හොඳට සම්බාහනය කරන්න. මෙමඟින් පැහැපත් හා දීප්තිමත් සමක් ලැබෙනවා.

03. සජලීකරණය නොකිරීම

සම ඇතුළත තිබිය යුතු සජලනය නැත්නම් තෙතමනය නැති වූ විට  සම ට අඳුරු පැහැයක් ලැබෙන අතර හුළං ගිය බැලූනයක් මෙන් හැකිලෙනවා.

විසඳුම: ඔයාගේ සම තෙල් සහිත එකක් වුණත් එයට සජලනය අවශ්‍ය වෙනවා. මුහුණට හයොලුරොනික් ඇසිඩ් (hyaluronic acid) සමඟ සීරම් එකක් පාවිච්චි කරන්න. එය සම්පූර්ණ අවශෝෂණය කරවන්න නම් ඔයාගේ සම මත අලවන්න. ඔයාට වෙළඳපොලේ තියන නිෂ්පාදන ගැන මොකක්හරි සැකයක් තියනවා නම් එය භාවිතා කරන්න කලින් චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.

04. අවශ්‍ය විටමින් නොලැබීම 

කාර්යබහුල ජීවන රටාව නිසා සිරුරට අවශ්‍ය විටමින් සහ ඛනිජ ලවණ ලබා ගන්න අපට මඟ හැරෙනවා. විටමින් සහ ඛනිජ ලවණ වල ඌණතාවයක් පවතින විට එය පරීක්‍ෂා නොකළොත් ඒ පිළිබඳව දැනගන්න ලැබෙන්නේ නැති නිසා ඒකේ ප්‍රතිඵලය වශයෙන් සමේ ස්වාභාවික දීප්තිය නැති වෙලා යනවා.

විසඳුම: සමබර ආහාර වේලක් ගන්න. එහෙම නැත්නම් වෛද්‍යවරයාගෙන් දිනපතා විටමින් මාත්‍රාවක් ලබා ගන්න අවශ්‍ය උපදෙස් ලබා ගන්න. කොපර්, සින්ක් සහ යකඩ යනාදිය ප්‍රමාණවත් ලෙස ලබා ගන්න අමතක කරන්න එපා.

05. සම මතට හිරු එළිය ඍජු වැටීම වළක්වගන්න

තමන් කරන රැකියාවේ ස්වභාවය අනුව වැඩි දෙනෙකුට දිවා කාලයේදී බොහෝ විට නිවසින් පිටතට යන්න සිදු වෙනවා. හිරු එළියේ අඩංගු වෙන අහිතකර කිරණ නිසා සමේ හයිපර්පිග්මන්ටේෂන්, අඳුරු ලප ඇති වෙනවා.විසඳුම: මේකට තියෙන එකම විසඳුම සන්ස්ක්‍රීන් ආලේප කිරීම. ඊට අමතරව රාත්‍රී නින්දට යාමට පෙර සමේ රැකවරණය සඳහා රෙටිනෝල් (retinol) නැතිනම් විටමින් A අඩංගු රූපලාවන්‍ය නිෂ්පාදනයක් පාවිච්චි කරන්න. එමගින් සමේ පවතින කොලජන් ආරක්ෂා වෙයි.

 1,284 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply