සිසු දරු යාත්‍රා ව්‍යාපෘතිය අග්‍රාමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වෙයි

කලුතර දිස්ත්‍රික්කයේ 2021 වසරේ පළමු වසරට ඇතුළත් වූ දරුවන් සඳහා පාසල් උපකරණ කට්ටල බෙදා දීමේ  සිසු දරු යාත්‍රා ව්‍යාපෘතිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ  ප්‍රධානත්වයෙන් අද (18) අරලියගහ මන්දිරයේ දී ආරම්භ විය. 

මව්බිමේ අනාගත සිසු දරු දැරියන්ගේ නැණ පහන් අවදි කිරීමේ අරමුණ පෙරදැරි කරගනිමින් වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ සමාජ සත්කාරයක් ලෙස සිසු දරු යාත්‍රා වැඩසටහන ක්‍රියාවට නැංවෙයි. 

පළමු අදියර යටතේ ළමුන් 106 දෙනෙකුටත් සමස්ත ව්‍යාපෘතිය යටතේ කලුතර දිස්ත්‍රික්කයේ පාසල්  දරුවන් 20,000කටත් මෙම පාසල් උපකරණ කට්ටල ප්‍රදානය කිරීමට නියමිතය

 1,084 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply