ශ්‍රී ලාංකේය ධජය පාපිස්නාවෙන් බිකිනියට!!!

ශ්‍රී ලංකා ජාතික ධජය සහිත පාපිස්නා සහ පාවහන් වෙළෙඳ දැන්වීම් amazon.com වෙඩි අඩවියෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබුනද, පාපිස්නා, පාවහන් වෙනුවට ලංකේය ධජය ඇතුලත් කාන්තා බිකිනි (BIKINI) වල වෙළඳ දැන්වීම් ඉවත් කිරීමට එම වෙබ් අඩවිය තවමත් කටයුතු කර නොමැත.

ශ්‍රී ලංකා ධජය සහිත පාපිස්නා නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන පිළිබදව අවධානයෙන් සිටින බව චීනය පවසයි.

ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වාදෙන්නේ ජාතික ධජවලට පූර්ණ ගෞරවය දැක්විය යුතු බවය.චීනය දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ සාමය සමෘද්ධිය සහ අභිමානය වෙනුවෙන් කැපවී සිටින බව ද චීන තානාපති කාර්යාලය පවසයි.

අදාළ භාණ්ඩ නිෂ්පාදකවරුන් ගැන සොයා බලන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය බීජිංහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ද දැනුම්දීමක් කරනු ලැබීය. ඊට අමතරව අදාළ භාණ්ඩ අලෙවිකරන ඇමසොන් වෙබ් අඩවියේ මූලස්ථානය පිහිටා ඇත්තේ ඇමෙරිකාවේ වන බැවින් ඒ පිළිබඳව සොයාබලන ලෙස වොෂිංටන්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ද විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

ඇමසෝන් වෙබ් අඩවියේ විකිනීමට ඇති බිකිනි වෙළද දැන්වීම් වල Link සහ පින්තුර පහලින්….

https://www.amazon.com/Naanle-Vintage-Bikini-Swimsuit-Swimwear/dp/B07DGTJGKS?th=1

https://www.amazon.de/-/en/dp/B07TNZGBPV

 32,309 total views,  10 views today

What’s your Reaction?
+1
2
+1
4
+1
3
+1
54
+1
6
+1
5
+1
55

Leave a Reply