‘මම කරපු වැඩ පුස් වෙඩි ද ජීව උණ්ඩ ද කියලා අනුරට ළඟදීම දැනගන්න පුළුවන් වෙයි’ – සරත් වීරසේකර

තමා විසින් පසුගිය කාලයේ සිදුකළ ප්‍රකාශවල සත්‍ය අසත්‍යතාව නුදුරු අනාගතයේදී සනාථවනු ඇති බව ආචාර්ය සරත් වීරසේකර අමාත්‍යවරයා පවසයි.

පාස්කු ප්‍රහාරයට අනුබල දුන් ඊබ්‍රහිම් සහෝදරයින්ගේ පියා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලදී අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාට ද ප්‍රකාශ ලබාදීමට සිදුවනු ඇති බව හෙතෙම පවසයි.

අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් සරත් වීරසේකර අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

“මා පසුගිය දිනවල කියපු සහ කරපු වැඩ පුස් වෙඩිල්ලක් බවට අනුර කුමාර මහතා කියලා තියෙනවා. ඒවා පුස් වෙඩි ද ජීව උණ්ඩ ද කියලා ඉතාම කෙටි කාලයකදී අනුර කුමාරට දැනගන්න පුළුවන් වෙයි. පාස්කු ප්‍රහාරයේ දරුණුම අපරාධ කළ බෝම්බකරුවන් දෙදෙනා ගේ පියා තමයි ඊබ්‍රහිම්. ඔහු තමයි ලක්ෂ 300ක් දුන්නෙ සහරාන්ට. මේ ප්‍රහාර කරන්න. ඊබ්‍රහිම් තමයි ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවේ සඳහන් වෙලා තිබ්බේ. අනුර කුමාරට ඒ සම්බන්ධයෙන් නුදුරු අනාගතයේදී පැහැදිලි කිරීමක් කරන්න වෙයි.”

 1,275 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply