ජනාධිපතිතුමනි පඬුකරඳ ගස රකින්න මගේ ඉඩම ගන්න!!!

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටස ඉදිකිරීමේදී ඒ අතරමැද දාරළුව ප්‍රදේශයේ හමු වූ පඬුකරඳ හෙවත් crudia zelanica නම් රතුදත්ත පොතට පවා නම ඇතුළත්ව තිබූ ඒකදේශීය ශාකය සම්බන්ධයෙන් දැඩිලෙස කතා බහට ලක්විය.

එහිදී එම ශාකය එම ස්ථානයේම තබාගැනීම සම්බන්ධයෙන් සමාජයේ දැඩි මතයක් ගොඩනැඟුන අතර මහා සංඝරත්නයට එම ශාකය සාංඝික කිරීමට පවා සිදුවිය.

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ඉදිරියට ගෙනයාමට පඬුකරද ගස වෙනුවෙන් විවිධ යෝජනා ඉන් අනතුරුව ඉදිරිපත් වූ අතර ඒවා අතර එම ශාකය එලෙසම තිබියදී අධිවේගී මාර්ගය වෙනස් කිරීම හා ශාකය වෙනත් ස්ථානයක ප්‍රතිරෝපණය කිරීම වැනි යෝජනා ඉදිරිපත් වී තිබුණි.

ශාකය එලෙසෙම තිබියදී අධිවේගී මාර්ගය වෙනස් කිරීමටනම් අධික මුදලක් දැරීමට සිදුවන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ජනහමුවකදී අදහස් දක්වමින් කියා සිටියේය.

ශාකය වෙනත් ස්ථානයක ප්‍රතිරෝපණය කිරීම සම්බන්ධයෙන් බොහොමයක් පරිසරවේදීන් අදහස් දක්වමින් කියාසිටියේ එම ශාකයට අදාළ පරිසර සාධක නොමැතිව එහි පැවැත්ම පිළිබඳව තහවුරු කළ නොහැකි බවයි.

තත්වය මෙසේ තිබියදී දාරලුව ප්‍රදේශයේම ජිවත්වන එම්. අයි. එච්. එස්. මුණසිංහ මහතා ජනපතිතුමන්ට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

එම යෝජනාව සම්බන්ධයෙන් ලිපියක් යොමුකරමින් ඔහු කියා සිටින්නේ දාරළුව ප්‍රදේශයේම තමන්ගේ ඉඩමක කොටසක් අධිවේගී මාර්ගය සඳහා රජය මඟින් ලබාගත් බවත් එහි ඉතිරි කොටස මෙම ශාකය සඳහා අවශ්‍ය පරිසර සාධක සමඟ ගැලපෙන්නේනම් එම කොටස ඒ වෙනුවෙන් භාවිතා කිරීමට ලබාදීමට තමන් කැමති බවයි.

එමඟින් ලක්ෂ 8400ක් පමණ වියදම් වන බව ගණන් බලා ඇති අධිවේගී මාර්ගය වෙනස් කිරීමේ යෝජනාව වෙනුවෙට ලක්ෂ 12ක් පමණ මුදලක් වැයකරමින් මෙම යෝජනාව ඉටුකිරීමට කටයුතු කළහොත් මහජන මුදල් විශාල ප්‍රමාණයක් ඉතිරි කරගැනීමට හැකියාව ලැබෙනු ඇති බවට විශ්වාස කෙරේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත එම්. අයි. එච්. එස්. මුණසිංහ මහතා යොමුකළ ලිපිය පහතින්

 1,216 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply