කොවිඩ් මරණ භූමදානයට අවසර ලැබුනේ ජාත්‍යන්තර මැදිහත්වීම් නිසයි – මන්ත්‍රීවරුන්ගේ ප්‍රකාශ ගැන ලැජ්ජයි!!!

කොරෝනා වෛරසය ආසාදනය වී මියයන පුද්ගලයින්ගේ මෘතදේහ භූමදානය සඳහා අවසර හිමිවූයේ ජාත්‍යන්තරයේ මැදිහත්වීම හේතුවෙන් බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් පවසනවා.

මහනුවරදී මාධ්‍යවේදීන් පිරිසක් නැගූ ප්‍රශ්නයකට අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

මුස්ලිම් ජනතාවගේ සිත් විශාල වශයෙන් මේ ආණ්ඩුව රිදවූ බවත් ජාත්‍යන්තරයේ මැදිහත්වීම මත කොරෝනා මෘතදේහ භූමදානයට අවසර ලබාගත් බවත් නසීර් අහමඩ් වැනි මන්ත්‍රීවරුන්ගේ මැදිහත් වීමෙන් එය ලබාගත් බව පැවසීම විශාල ලැජ්ජාවක් බවත් රාවුෆ් හකීම් මහතා කියා සිටියා.

එවැනි මන්ත්‍රීවරුන් කරන බොළඳ කතා හෙලාදකින බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

 589 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply