පෞද්ගලික අංශයට කොරෝනා එන්නත ගෙන්වන්න අවසර දෙන්න – PHI සංගමය

නිසි නියාමන ක්‍රමවේදයකට යටත්ව කොරෝනා මර්ධන එන්නත් මෙරටට ගෙන්වීමට පෞද්ගලික අංශයට අවසර ලබාදිමේ ගැටලුවක් නොමැති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති උපුල් රෝහණ මහතා සදහන් කළේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් අදාල ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අධීක්ෂණය කළ යුතු බවයි.

“ලංකාවේ කොවිඩ් ආසාදිතයෝ වැඩි ප්‍රමාණයක් කර්මාන්තශාලා සහ අනෙකුත් වැඩකරන ආයතනවල වාර්තා වෙනවා. විශේෂයෙන් ඇඟලුම් කර්මාන්තශාලා ආශ්‍රිතව. එන්නත් ලබාදීම සඳහා අපේ මීළඟ ප්‍රමුඛතාව විය යුත්තේ වැඩකරන ජනතාව. ඒ අවශ්‍යතාව සැපයීම සඳහා රජයට මේ මොහොතේ ඉඩකඩ නැත්නම් මේ එන්නත් ආනයනය කිරීම සඳහා පෞද්ගලික අංශයට අවශ්‍ය අනුමැතිය ලබාදීම සිදුකළ යුතුයි. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියට යටත්ව සෞඛ්‍ය අංශවලින් එන්නත් ලබාගන්නා පදනම මත ලංකාව තුළට පෞද්ගලික අංශයට එන්නත් ගෙන්වීමට අවසර ලබාදීමේ ගැටලුවක් නෑ.” යනුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියා.

 632 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply