පාස්කු ප්‍රහාරය සිද්ධ වුණ හැටි ඇමැති ජොන්ස්ටන් කියයි

ඉස්ලාම් අන්තවාදීන්ට ත්‍රස්තවාදීන් නිර්මාණය කිරීමට කවුරුන් හෝ යම්කිසි ප්‍රකාශයක් ව්‍යංගයෙන් හරි කරනවා නම් ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ පසුගිය දා පොල්අත්තාපිටිය නව කෝප්සිටි වෙළඳසැල විවෘත කිරීමේ උත්සවයෙන් අනතුරුව මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය,

“දැන් හුගක් අය කියනවා පාස්කු ප්‍රහාරය නිසා තමයි අපි දිනුවේ කියලා. ඒක වැරදියි මේ සමූපකාර ඡන්දය අපි දිනාගත්තෙ පසුගිය යහපාලන ආණ්ඩුව කාලයේ දී. ඊළගට අපි අලුත් පක්ෂයක් හදලා ඒ පක්ෂයෙන් මේ පලාත් පාලන ආයතන ජයග්‍රහණය කරන වැඩපිළිවෙළ ආරම්භ කළා. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තිබුණෙ නැත්නම් ඒ යහපාලන ආණ්ඩුව අවුරුදු 3න් ගෙදර යවන්න අපිට හැකියාවක් තිබුණා. 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තුව විසුරුවන්න බැරිවෙන්න නීති මගින් හිර කරල තිබුණෙ. ඒක තමා එදා සිද්ධ වුණේ. නමුත් දැන් පෙන්නන්න හදනවා මේ පාස්කු ප්‍රහාරය නිසා තමයි අපි දිනුවෙ කියලා. මේක සම්පූර්ණ බොරුවක්. තමන්ගේ නොහැකියාව වහගන්න පාස්කු ප්‍රහාරය ඉස්සරහට දාන්න හදනවා දැන් විපක්ෂය. තමන්ගෙ නොහැකියාව නිසා තමයි එදා යහපාලන ආණ්ඩුව ජාතික ආරක්ෂාවට නිසි තැන ලබා නොදුන්නේ.”

“අන්තවාදීන්ගේ ඡන්ද ලබාගන්න, අන්තවාදීන්ගේ ඡන්දවලින් බලයේ ඉන්න හිතාගෙන හිටපු නිසා තමයි මේ පාස්කු ප්‍රහාරය සිද්ධ වුණේ. නැගෙනහිර පළාතට ගිහින් තමයි ඔවුන්ගේ සමුළු පැවැත්තුවේ. සිංහල බෞද්ධ ජනතාව ඉන්න කිසිම පළාතකවත් සමුළුවක් තිබ්බෙ නැහැ. වැඩි විශ්වාසයක් තබා තිබුණේ අන්තවාදීන්ගේ නායකත්වයට ඇහුම්කම් දෙන පළාත්වලට තමයි. අන්තවාදී නායකයෝ එක්ක තමයි පහුගිය ආණ්ඩුව කෙරුවේ.  ඉස්ලාම් අන්තවාදීන්ට ත්‍රස්තවාදීන් නිර්මාණය කරන්න යම්කිසි ප්‍රකාශයක් ව්‍යංගයෙන් හරි කරනවා නම් ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. ඒ අසාද් සාලි ද, ජොන්ස්ටන් ප්‍රනාන්දු ද එහෙම නැත්නම් වෙන කවුද  කියන එක නෙවෙයි ප්‍රශ්නය. සාමාන්‍යයෙන් එහෙම දෙයක් වුණා නම් කියන්නේ දේශපාලන පලිගැනීමක් කෙරුවා කියලයි. රිශාඩ් බදියුර්දීන් ව අත්අඩංගුවට ගත්දී සජිත් ප්‍රේමදාස මහත්තයා කිව්වේ දේශපාලන පලිගැනීම් කරනවා කියලයි. හැබැයි දැන් රිශාඩ් බදියුර්දීන්ගේ නම සඳහන් වෙනවා පාස්කු ප්‍රහාර කොමිෂන් වාර්තාවේ.” යැයිද අමාත්‍යවරයා පැවසීය.

 903 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply