මේ ගැන දන්නවනම් කවදාවත් අදෝ වාතය සිරකරගන්නේ නෑ.

01. වාතය සිරකර ගැනීම මඟින් ශරීරය එය නැවත අවශෝෂණය කර ගනී.

ඔබට අධෝවාතය පිටකිරීමට සිදුවෙන විට එය වළක්වා ගැනීමට උත්සහ කිරීමේදී සිදුවන්නේ ඔබගේ ශරීරය නැවත එය අවශෝෂණය කර ගැනීමයි. මෙය සිදුකරන්නේ ශරීරයට වෙනත් විකල්පයක් නැති නිසායි. එවිට සිදුවන්නේ එය යළිත් සන්සරණය වන විට ඔබේ හුස්ම හරහා එය පිටවීමයි. නැතහොත් එම මාර්ගයේම නැවත් පැමිණීමේ හැකියාවක් ඇත.

02. වාතය සිරකර ගැනීම වේදනාවට හා අජීර්ණයට හේතු විය හැක

වාතය සිර කරගෙන සිටීම ඔබට වේදනාකාරී දෙයක්ය. එවිට ඔබේ ශරීරය හැකීලී ඔබේ ශරීරය තුළ පීඩනයක් ඇති කරයි. මේ නිසා ඔබට අජීර්ණ ඇති විය හැකිය. එමෙන්ම ඔබට මෙය වේදනාවක් විය හැකී. මේ නිසා ආහාර ජීර්ණ පද්ධතියේ ඉදිමීම වගේ දේවලුත් සිදු වෙන්න පුළුවන්.

03. වාතය සිරකර ගැනීම ඔබේ බඩවැලේ සෞඛ්‍යයට බලපායි.

ශරීරයේ ඇති පීඩනය ඉවත් කිරීම තමා වාතය බැහැර කිරීම මඟින් සිදු වන්නේ.විවිධ ආසාදන වලට වගේම අහුපෑවත රෝගයට ගොදුරු වීමටද වාතය රඳවා තබා ගැනීම නිසා ලක් වෙන්න පුළුවන්. වාතය බැහැර කිරීම කියල කියන්නේ බඩවැල් වලට ඉතාම හොද තත්ත්වයක්.

04. වාතය සිරකර ගැනීමෙන් ඔබට නිතරම ශරීරය ඉදිමී ඇති බවක් දැනෙනු ඇත.

ඔබව සැබවින්ම අපහසුතාවයට පත් කරන දෙ‍යක් තමා වාතය සිරකර තබාගැනීම කියල කියන්නේ.ඔබගේ ශරීරය ඉදිමී ඇති බවට හැඟීමක් මේ නිසා ඔබට ඇති වෙන්නත් පුළුවන්.

05. එය වඩාත් ප්‍රබල රෝගයක සංඥා කිරීමක් විය හැකිය.

අධෝවාත වල ගන්ධය වගේම රටාව ආහාර නොඉවසීම සහ ආහාර ජීර්ණ ගැටළු වැනි සෞඛ්‍ය ගැටලු නිසා සිදුවිය හැකී. වාතය පිටවීම සාමාන්‍ය හා සෞඛ්‍ය සම්පන්න දෙයක්ය. ඔබේ සිරුරේ බොහෝ සල්ෆර් ප්‍රමාණයක් අන්තර්ගත වනවානම් ඔබගේ සිරුරෙන් පිට වෙන අධෝවාත තරමක් ගන්ධයෙන් යුක්ත වෙන්න පුළුවන්.ඔබට වේදනාකාරී හෝ ඔබට සාමාන්‍ය දෙයක් හෝ වෙනත් දෙයක් ඔබේ අධෝවාතය මගින් ඔබට දැනෙනවානම් වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගැනීම වඩාත් සුදුසුයි.

අමතර,
දුර්ගන්ධය සහ ඝෝෂාකාරී වාතය පිට නොවීම සඳහා භාවිතා කළ යුතු උපක්‍රම,

කාබනීකෘත බීම මගින් ඔබේ ශරීරයේ වැඩි වායුවක් නිපදවිය හැකී.ඒ නිසා කාබනීකෘත බීම පානය කිරීමෙන් වළකින්න.

ආහාර ගැනීමේදී ආහාර කුඩා කොටස් වලට කඩා සෙමෙන් ආහාරයට ගන්න.

කෙසෙල්, අර්තාපල්, ධාන්‍ය වර්ග සහ තිරිඟු වැනි ආහාර එදිනෙදාම ආහාරයට ගැනීම සුදුසුය.

 929 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply