වී තොග සගවාගෙන සිටින අය වටලන්න – ජනපති කියයි

වී තොග සගවාගෙන සිටින පුද්ගලයින් සොයා වැටලීම් සිදු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා කෘෂිකර්ම හා වෙළෙඳ ඇමැතිවරුන්ට උපදෙස් දී තිබේ.

වී ගොවීන් හා සහල් මෝල් හිමියන් හැර වී තොග සගවාගෙන සිටින අතරමැදියන් සොයා වැටලීම් සිදුකරන බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා පවසයි.

මේ අනුව වී තොග සගවා සිටින පුද්ගලයින් සොයා පාරිභෝගික අධිකාරිය මගින් වැටලීම් සිදු කෙරෙන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

මෙවර මහ කන්නයේ අපේක්‍ෂිත වී අස්වනු ප‍්‍රමාණය අනුව රටේ සහල් හිගයක් ඇතිවිය නොහැකි බවද ඇමැතිවරයා පැවසීය.

 6,534 total views,  20 views today

What’s your Reaction?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply