සහල් හිඟයක් ඇති කළොත් ආනයනය කර මිල පාලනය කරනවා – වැවිලි ඇමැති

පෞද්ගලික අංශය වී තොග සඟවා ගෙන සහල් හිඟයක් ඇති කරන්න වෑයම් කළ හොත් සහල් පිටරටින් හෝ ගෙන්වා ජනතාවට සහන මිලට සැපයීමට රජය පසුබට නොවන බව වැවිලි ඇමැති හා සම කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

තුන්වැනි පාර්ශ්වයක් මෙම වී තොග සඟවා ගැනීම සිදු කරන බව රජයට පෙනී ගොස් ඇති අතර, ඔවුන් දිගින් දිගටම මෙම වෙළෙඳ මාෆියාව ක්‍රියාත්මක කරන්නේ නම් මෙම තීරණය ගැනීමට රජයට සිදු වනු ඇතැයි ද ඇමැතිවරයා කියයි.

වී අලෙවි මණ්ඩලය මඟින් ලබා ගන්නා වී තොග සහල් බවට පත් කර, උත්සව සමයේදී සතොස මඟින් අදාළ සහතික මිලට පාරිභෝගිකයාට ලබා දීමට රජය මැදිහත් වී කටයුතු කරන බවද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (16) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ය.

 548 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply