ඩිජිටල් කරණයෙන් තැපැල් මුද්දර නිකුත් කරයි

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණයට පිවිසෙමින් පළමුවරට ඩිජිටල් කරණයෙන් තැපැල් මුද්දර නිකුත් කිරීම ජනමාධ්‍ය  අමාත්‍යංශයේදී  ජනමාධ්‍ය අමාත්‍ය  හා කැබිනට් ප්‍රකාශක ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) නිලවශයෙන් ආරම්භ කෙරිණි. 

ඒ අනුව රුපියල් 25 ක වටිනාකමින් යුත් පුද්ගල කාරක මුද්දරයක් QRකේතය සහිතව අද පළමුවරට නිකුත් කිරීම සිදුවිය. එම මුද්දරය සම්බන්ධයෙන් හෝ ඒ ආශ්‍රිත වැඩිදුර තොරතුරු එහි QR කේතය ස්කෑන් කර මුද්දර කාර්යාංශයේ ශ්‍රී ලංකා තැපැල් වෙබ් අඩවියට පිවිස ලබාගත හැකිය.

ඒ අනුව එම මුද්දරය සම්බන්ධ තොරතුරු  හා ඡායාරූප ඉතා පහසුවෙන් ලබාගත හැක. එමෙන්ම විශේෂිත ආරක්ෂිත සලකුණක් සහිතව රුපියල් 500ක් වටිනා නව තැපැල් මුද්දරයක් නිකුත් කිරීමද අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් එහිදී සිදුවිණි.

 694 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply