මරාගෙන මැරෙන අය ඉන්නවා – ඊළඟ පියවරට යන්න ලෑස්ති ඇති

මරාගෙන මැරෙන්න පුහුණුවීම් ලබපු අය සිටින බවත් ඔවුන් ඊළඟ පියවරට යාමට ලැහැස්ති වන බවත් සමඟි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඒ මහතා මෙම අදහස් පල කලේ දෙරණ 360 වැඩසටහන සමග එක්වෙමිණි.

එහිදී ඒ මහතා මෙසේ ද අදහස් දැක්විය.

“තව ඉන්නවා පුහුණුවීම් ලබපු අය. මරාගෙන මැරෙන්න. ඒ අය මොනා කරනවාද කියලා අපි දන්නේ නෑ. ඒ අයත් අත්හදා බැලීම් කරනවා ඇති. ඊළඟ පියවර මොකක්ද කියලා ලෑස්ති වෙනවා ඇති. දැන් අපි ඉන්නවා රටේ ආරක්ෂාව තහවුරුයි කියලා. රටේ ආරක්ෂාව ශක්තිමත් කරන්න ආණ්ඩුව මාරු වුණා කියලා අලුතෙන් දෙයක් කළා කියලා මගේ තියෙන දැනුම අනුව මම දකින්නේ නෑ. අපරාධ විමර්ශනයෙන් කියලා තියෙනවා කඳවුරු 17ක් තුළ 1000ක් පුහුණු වෙලා තියෙනවා කියලා.”

 927 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0

Leave a Reply