බටහිර පර්යන්තය ලබා දීමේ තීරණය සම්බන්ධයෙන් අදානි ගෙන් රජයට පැසසුම්!!

කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීමට අවස්ථාව ලබා දීම පිළිබඳව ඉන්දීය ව්‍යාපාරිකයකු වන ගෞතම් අදානි මහතා ශ්‍රී ලංකා නායකයින්ට සිය කෘතඥතාව පළ කළේය.

මේ සම්බන්ධයෙන් ට්වීටර් පණිවුඩයක් නිකුත් කරමින් අදානි මේ අදහස් දක්වා තිබෙනවා.

කොළඹ වරායේ බටහිර පර්යන්තයේ ආයෝජනයට අවස්ථාව ලබාදීම පිළිබඳව ඉන්දියානු රජය, ශ්‍රී ලංකානු රජය , ශ්‍රී ලංකා වරාය අධිකාරිය, සහ ජෝන් කීල්ස් ආයතනයට සිය කෘතඥතාව පළකර ඇති අතර මෙම හවුල්කාරිත්වය විශාල අන්තර්සහයෝගිතාව සම්බන්ධයෙන් ඉතිහාසයක් ඇති රටවල් අතර ගැඹුරු උපායමාර්ගික සබඳතාවල සංකේතයක් බවත් එය ඉදිරියටත් දශක ගණනාවක බහාලුම් වර්ධනයක් දියත් කරනු ඇති බවත් ඔහු සඳහන් කර තිබේ.

වරාය සහ විදුලි බලාගාරය දක්වා වූ සමාගම් සමූහය වටා ආයෝජකයින්ගේ උද්යෝගය හේතු කොට ගෙන මේ වසරේ ලෝකයේ අන් කිසිවෙකුට වඩා අදානි සිය ධනයට බිලියන ගණනක් එකතු කර තිබේ.

බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකයට අනුව, පළමු පෙළේ ව්‍යවසායකයෙකු වන අදානිගේ ශුද්ධ වටිනාකම 2021දී ඩොලර් බිලියන 16.2කින් ඩොලර් බිලියන 50 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙය ලොව ධනවත්ම පුද්ගලයා සඳහා 2021 දී තරඟකාරීත්වයක් තිබූ ජෙෆ් බෙසොස් සහ එලොන් මස්ක් පවා පරාජය කරමින් ඔහු වසරේ විශාලතම ධනය උපයා ගත් පුද්ගලයා බවට ඔහු පත්ව තිබේ.

 816 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0

Leave a Reply