පාස්කු ප්‍රහාර සමයේ කඩු ගෙන්වීම ගැන විමර්ශන කරන්න නීතිපතිගෙන් උපදෙස්

කඩු, කිනිසි සහ එවැනි වෙනත් ආයුධ මෙරටට ආනයනය කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.

නීතිපතිවරයා විසින් මේ උපදෙස් දී ඇත්තේ කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කර ඇති රිට් පෙත්සමට අදාළවය.

ඊට සම්බන්ධ සැකකරුවන්ට එරෙහිව නීතිය අනුව කටයුතු කරන ලෙසද පොලිස්පතිවරයාට, නීතිපතිවරයා විසින් දැන්වූ බව නීතිපතිගේ සම්බන්ධීකරණ නිලධාරිනි නීතිඥ නිශාරා ජයරත්න මෙණෙවිය පැවසුවාය.පාස්කු බෝම්බ ප්‍රහාරයට පෙර සහ ඊට පසු මෙරටට ආනයනය කරන ලද අති විශාල ප්‍රමාණයේ කඩු කිනිසි සහ ඒ හා සමාන ආයුධ භාරයට ගන්නා ලෙසත් එකී ආයුධ රඳවා තබා ඇති හෝ සඟවා ඇති හෝ ගබඩා කර ඇති ස්ථාන හඳුනා ගන්නා ලෙසටත් එකී ආයුධ සන්තකයේ තබා ගැනීම සහ බෙදා හැරීමට වගකිව යුතු පුද්ගලයන් මෙන්ම එම ආයුධ මෙරටට ආනයනය කරන ලද පුද්ගලයන් හඳුනාගෙන නීතියට අනුව කටයුතු කරන ලෙස දන්වමින් නීතිපතිවරයා මේ උපදෙස් දී ඇත

 1,421 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply