ඇඟලුම් ක්ෂේත්‍රයේ ඵලදායීතාව ඉහළ නැංවීමට රජයේ පූර්ණ අනුග්‍රහය – ජනපති

ඇඟලුම් ක්ෂේත්‍රය වර්තමානයේ මුහුණ දී තිබෙන අභියෝග හඳුනාගෙන ඇති රජය එහි ඵලදායීතාව සහ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා පූර්ණ අනුග්‍රහය දීමට සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

ඒ සඳහා සැලසුම්ගත වැඩපිළිවෙළක් ඔස්සේ ක්‍රියා කරන බවද ඒ මහතා පවසයි.

ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ නියෝජිතයන් සමඟ ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (15) පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ, අපනයනය ඉලක්ක කරගත් කර්මාන්ත අතරින් ඇඟලුම් ක්ෂේත්‍රය ප්‍රමුඛස්ථානයක් ගන්නා අතර ශ්‍රී ලංකාව ඉතා උසස් තත්ත්වයේ ඇඟලුම් සඳහා ලෝක පූජීත සන්නාමයක් බවට පත්කිරීමේ හැකියාව ද ලැබී තිබේ. දේශීය ඇඟලුම් ක්ෂේත්‍රයේ නව පිබිදීමක් ඇති කිරීමෙන් විශාල විදේශ විනිමයක් උපයාගත හැකි බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

 712 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply