සජබ ආණ්ඩුවක් හදලා 2025 සංවත්සරය සමරනවා – සජිත් කියයි

සමඟි ජන බලවේගය 2025 වසරේ දී සංවත්සරය සමරන්නේ සමඟි ජන බලවේගයෙන් පත් වූ ජනාධිපතිවරයකු හා ආණ්ඩුවක් සමඟ බව එහි නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

2015 වසරේ දී මෙන් පොදු අපේක්ෂකයකු යොදා ඉල්ලා ගෙන කෑමට මෙවර සූදානමක් නැති බවත්, පොදු අපේක්ෂකයකු නොව පොදු ජනතාව දිනවන අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේ ය.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ ‘අභියෝග ජයගන්න එකට සිටගමු‘ මැයෙන් සමඟි ජන බලවේගයේ පළමුවැනි සංවත්සර උත්සවය ඊයේ (15) කොළඹ හයිඩ් පිටියේ දී පැවති අවස්ථාවේ දීය.

 2,781 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
3
+1
0
+1
7
+1
0
+1
2
+1
1

Leave a Reply