ලලිත් වීරතුංග අනූෂ පැල්පිට සිල් රෙදි නඩුවෙන් නිදහස්

රුපියල් මිලියන 600ක සිල්රෙදි බෙදා දෙමින් මුදල් සාපරාධි සාවද්‍ය පරිහරණය කීරිම ඇතුළු අධි චෝදනා යටතේ වරදකරුවන්වී සිරදඬුවම් නියම වූ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන මහත්වරුන් අභියාචනාධිකරණය මගින් නිදොස් කොට නිදහස් කිරීමේ තීන්දුව ඒ මහත්වරුන් ඉදිරියේ කියවා දීම සිදු කළ කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා නඩුවේ සියලු කටයුතු අවසන් කරන බව ඊයේ (15) නියෝග කළේය.

මහාධිකරණයේ ඇප කොන්දේසි ප්‍රකාරව තැන්පත් කර ඇති දඩ මුදල් අනෙකුත් ඇප යළි මුදාහරින ලෙසට ද නියෝග කළේය.

අනුෂ පැල්පිට හා ලලිත් වීරතුංග මහත්වරුන්ගේ විදේශ ගමන් බලපත්‍ර මහාධිකරණය බාරයේ ඇත්නම් එවා යළි ඒ මහතුන් වෙත බාර දෙන ලෙසත්, ගුවන්ගමන් තහනම් නියෝග ඉවත් කිරීමේ නිවේදන ආගමන විගමන පාලකවරයාට හා අදාළ අංශ වෙත යොමු කරන ලෙසත් මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

සිල්රෙදි බෙදාදෙමින් සාමාජ සත්කාරයක් කර ඇති විත්තිකරුවන්ට රාජ්‍ය සේවය පිළිබඳ මනා පරිචයක් ඇති බවත්, විදුලි සංදේශ පනත හෝ පොදු දේපළ පනත කිසි ලෙසකින් උල්ලංඝනය කැර ඇති බවට සාක්ෂි නොමැති බවත් පවසමින් අභියාචනාධිකරණය මගින් නිදොස් කොට නිදහස් කරන ලද ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහත්වරුන් මහාධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව නිදොස් කොට නිදහස් කිරීමේ තීන්දුව කියවා දී මෙම නියෝග නිකුත් කළේය.

 518 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply