වතු සේවක වැටුප ඉහළ නැංවීම අහෝසි කරන්නැයි පෙත්සමක්

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 ක් දක්වා වැඩි කරන ලෙස පඩි පාලක සභාව විසින් ලබා දුන් තීන්දුව අත්හිටුවන්නැයි ඉල්ලා වතු හාම්පුතුන්ගේ සංගමය අභියාචනාධිකරණයට පෙක්සමක් ගොනු කර තිබේ.


මෙම පෙත්සම සම්බන්ධයෙන් කම්කරු අමාත්‍යංශය වෙනුවෙන් නීතිපති පෙනී සිටින බව කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.


මේ අතර වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීමට කැමැත්ත පළ කර ඇත්තේ  වතු සංගම් 22 න් සමාගම් 02 ක් පමණක් බවද හෙතෙම කීය

 855 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1

Leave a Reply