LTTE විරෝධතාකරුවන්ට බ්‍රිතාන්‍ය පොලිසියෙන් ගුටි වරුසාවක් (VIDEO)

එල්ටීටීඊ ධජ රැගෙන ගිය විරෝධතාකරුවන්ට බ්‍රිතාන්‍ය පොලිසිය විසින් පහර දී ඇතැයි එරට පුවත් වාර්තා කරයි.

එල්ටීටීඊ හිතවාදී මෙම පිරිසගේ විරෝධතාවය විසුරුවා හැරීමට පොලීසිය උත්සාහ කළ අවස්ථාවේදී විරෝධතාකරුවන් පොලිසිය විසින් පහර දී ඇති බව එරට මාධ්‍යවල පළ වූ වීඩියෝ පටවල දැක්වේ.

මේ වන විට උපවාසයේ යෙදී සිටින අම්බිහායි සෙල්වකුමාර් නම් කාන්තාවට සහයෝගය දැක්වීමට විරෝධතාකරුවන් එක්රැස් වූ බව හැරෝ ටයිම්ස් තවදුරටත් වාර්තා කරයි.

ඇය මේ වන විට සිය උපවාසයේ 16 වන දිනට පැමිණ ඇති බව වාර්තා වෙයි.

සෙල්වකුමාර් ජන සංහාරය වැළැක්වීමේ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ (ICPPG) අධ්‍යක්ෂවරියක වන අතර ඇය ජලය පමණක් ලබා ගනිමින් මෙම උපවාසයේ නියැලෙයි.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට යොමු කරන ලෙස ඉල්ලා බ්‍රිතාන්‍ය දෙමළ කාන්තාව සාගින්නෙන් පෙළන බවට මේ සම්බන්ධයෙන් ඇතැම් පුවත් වාර්තා වී තිබිණි.

වීඩියෝව පහතින්..

 87,306 total views,  5 views today

What’s your Reaction?
+1
22
+1
51
+1
11
+1
395
+1
11
+1
10
+1
18

Leave a Reply