ෂරියා නීතිය අනුව ජීවත් වෙන්න නම් අසාද් සාලි සෞදි අරාබියට යා යුතුයි – ඔහුව අනිවාර්යෙන්ම අත්අඩංගුවට ගන්න ඕන

අසාද් සාලිව අනිවාර්යෙන් අත්අඩංගුවට ගත යුතු බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි.

ආගමික අන්තවාදය අවසානයේදී ත්‍රස්තවාදය දක්වා ගමන් කර නිසා ආගමික අන්තවාදය පැතිරෙන ආකාරයේ ප්‍රකාශයක් අසාද් සාලි විසින් සිදු කළ බව අමාත්‍යවරයා සඳහන් කරයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඉකුත්දා කොළඹදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමිනි .

අසාද් සාලිව අනිවාර්යෙන් අත්අඩංගුට ගන්න ඕන. ඔහු කළ ප්‍රකාශය ආගමික අන්තවාදය සඳහාම වන ප්‍රකාශයක්. ආගමික අන්තවාදය තමයි අවසානයේ ත්‍රස්තවාදය දක්වා ගමන් කරන්නේ. එවැනි ප්‍රකාශ කරනවා නම් ෂරියා නීති අනුව ඔහු ක්‍රියා කරනවා නම් ඔහු සෞදි අරාබියට යායුතුයි. ඔහුට එහෙම නම් ලංකාවෙ ඉන්න බෑ. ලංකාවේ ඉන්නවනම් ඔහු ලංකාවේ නීතියට අනුව කටයුතු කරන්න ඕනෑ.

ඒක කාටත් පොදුයි කෙසේ වුවත් ඔහු අත්අඩංගුවට අරගෙන ඔහුගෙන් කරුණු විමසා අවශ්‍ය කරන නීති කටයුතු ක්‍රියාත්මක කරනවා. මම පුද්ගලිකව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දීලා තිබෙනවා ඉදිරි දින කිහිපය තුළදී ඔහු ගෙන්නලා ප්‍රශ්න කරන ලෙස එහිදී රටේ නීතියට පටහැනිව කටයුතු කර තිබෙනවා නම් ඔහුට විරුද්ධව අනිවාර්යෙන්ම නීතිය ක්‍රියාත්මක කරනවා. තිබෙන සාක්ෂි අරගෙන නිවැරදි කටයුතු කරනවා. එසේ සිදු කළොත් පමණයි නිවැරදි දේ කළ හැකි වන්නේ. එය නොකළොත් නීතියේ හිඩැස් වලින් වැරදි කරුවන්ට රිංගා යාමට පහසු වෙනවා.

 2,343 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0

Leave a Reply