ග්‍රෑන්ඩ්පාස් කජීමාවත්ත ප්‍රදේශයේ ගින්නකින් නිවාස 50ක් ගිනිගනී!!

ග්‍රෑන්ඩ්පාස් කජීමාවත්ත ප්‍රදේශයේ නිවාස පෙළක ගින්නක් හටගෙන තිබෙනවා.

අද උදෑසන 3.00ට පමණ හටගත් ගින්න මේවන විට සම්පුර්ණයෙන් මැඩපවත්වා ඇති බවයි කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය සඳහන් කළේ.

ගින්න හටගත් ප්‍රදේශයේ නිවාස 250ක් පමණ පිහිටා ඇති අතර ඉන් 50කට පමණ හානි සිදුව ඇතැයි සඳහන්.

කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් රථ 8ක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 18ක් මෙන්ම ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවා දමා තිබෙනවා.

ගින්නට හේතුවක් මෙතෙක් අනාවරණ වී නොමැති අතර කිසිදු ජීවිත හානියක් හෝ තුවාල සිදුවීමක් වාර්තාවී නැහැ.

 777 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0

Leave a Reply