මද්‍රසා පාසල් 2000 ක් තහනම් කිරීමට පියවර – අමාත්‍ය සරත් වීරසේකර

මද්‍රසා පාසල් 2000 ක් තහනම් කිරීමට අවශ්‍ය ක‍්‍රියා මාර්ග ගෙන ඇති බව මහජන ආරක්‍ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර පවසයි.

මේවායේ වහාබ්වාදය, ඉස්ලාමිය අන්තවාදය දරුවන්ට ඉගැන්වීම සිදු කරන බවත් මේ සම්බන්ධයෙන් මේ වනවිට පුළුල් විමර්ශනයක් සිදුකර ඇති අතර එවැනි පාසල් 2000 ක් රට පුරා ස්ථාපිත කර තිබෙන බවට හඳුනාගෙන ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

මෙවැනි අන්තවාදී අදහස් උගන්වන පාසල් පැවතුනහොත් ඉදිරියේදී රටේ ජාතිවාදී කලබල ඇතිවීමට ඉඩ ඇති අතර ජාතීන් අතර විශාල අසමගියක් ඇතිවීමට ඉඩ ඇති බවද ඒ මහතා කියා සිටියි.

මේ හේතුව නිසා ජාතිවාදය, වාහබ්වාදය උගන්වන පාසල් රටේ නොතිබිය යුතුය යන ස්ථාවරයේ තමන් පසුවන බව කී සරත් වීරසේකර මහතා මෙවැනි පාසල් ඉදිරියේදී බිහිවීමට ඉඩ නොතබන බවද කියා සිටියේය.

 1,139 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply