රාජකාරියට යන නිලධාරින්ට රජයෙන් සහනයක්

ශ්‍රී ලාංකික නිලධාරින් හා මෙරට රැඳී සිටින රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ඇතුළු විදේශිකයන්  රාජ්‍ය ව්‍යාපාරික හා නිල රාජකාරි කටයුතු සඳහා  වෙනත් රටවලට ගොස් පැය 96කට අඩු කාලයකදී ජෛව බුබුලක් යටතේ මෙරටට පැමිණෙන්නේ නම් ඒ අයට නිරෝධායනයකින් තොරව මෙරටට පැමිණීමට සෞඛ්‍ය බලධාරින් අවසරදි ඇතැයි කෝවිඩි-19 පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

කෙසේ වෙතත් මේ අය නිරෝධායනට යොමු නොකෙරුණ ද  දින හතක් නිවෙස්වල රැඳීසිට පසුව පී.සී.ආර් පරික්ෂණයක් සිදු කර ගත යුතු බව ද යුද හමුදාපති කීවේය.

රාජ්‍ය, ව්‍යාපාරික හා නිල කටයුතු සඳහා ගොස් දින හතරකට වැඩි කාලයක්  විදේශයන් හි රැඳී සිට පැමිණෙන පුද්ගලයන් මෙරටට පැමිණ වහාම පීසිආර් පරීක්ෂණයකට යොමු විය යුතු වන අතර ඊට පසුව දින පහක් හතක් අතර කාලයේදී දෙවැනි පීසීආර් පරීක්ෂණය කරගත යුතු බව සෞඛ්‍ය අංශ පවසයි

ඉහත පිරිස් ආරක්ෂක හා සෞඛ්‍ය අංශවලින් කර ඇති ඉල්ලීම් සලකා බැලීමෙන් පසු රජය මෙම තීරණය ගෙන ඇත.

 759 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply