දකුණු අප‍්‍රිකානු කොරෝනා ප‍්‍රභේදයක් ලංකාවට ඇවිත්

දකුණු අප‍්‍රිකාවේ පවතින කොවිඩ් වෛරස් ප‍්‍රභේදය වන බී. 1.351 ප‍්‍රථම වරට ශ‍්‍රී ලංකාවෙන් ද හමුවී ඇතැයි වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කරයි.
 
 අප‍්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සානියාවේ සිට පැමිණි පුද්ගලයකු නිරෝධායන මධ්‍යස්ථානයකට යොමුකර සිටියදී සිදුකළ පරීක්‍ෂණයක් මගින් ඔහුට අදාළ වෛරස් ප‍්‍රභේදය ආසාදිතව ඇති බවට හඳුනාගත් බවද වෛද්‍යවරයා පැවසීය.
 
 මීට අමතරව මෙතෙක් ශ‍්‍රී ලංකාවේ පැවැත්වූ පරීක්‍ෂණවලදී සොයාගෙන තිබුණේ බී.1.411 දරන මෙරටට ආවේණික වෛරස් ප‍්‍රභේදය පමණක් බව ද වෛද්‍යවරයා කියා සිටියේය.
 
 බී.1.428 දරන යුරෝපා වෛරස් ප‍්‍රභේදය යටතේ හඳුනාගත් රෝගියකු මීට ප‍්‍රථම ශ‍්‍රී ලංකාවේ වාද්දුව ප‍්‍රදේශයෙන් වාර්තා වූ බව ද පැවසූ වෛද්‍යවරයා මෙරටදී හඳුනාගෙන ඇති බී.1.411 වෛරස් ප‍්‍රභේදයේ එක් සාම්පලයක පමණක් ඊ 484 කේ නමැති වෛරස් ප‍්‍රභේදය ද අන්තර්ගතව තිබූ බවට පරීක්‍ෂණ මගින් සොයා ගැනීමට හැකිවූ බව ද පැවසීය.
 
 කෙසේ වෙතත් මේ දිනවල භාවිතයට ගැනෙනා එන්නත් හරහා ලැබෙන ප‍්‍රතිශක්තිය, වෛරස් ප‍්‍රභේද වෙනස්වීම් නිසාවෙන් යම් අඩුවීමකට ලක්විය හැකි බව ද ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා ප‍්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 618 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply