“බසයෙන් අනාගතයට” දෙවැනි අදියර අගමැතිගේ ප්‍රධානත්වයෙන්

ධාවනයෙන් ඉවත් කළ ලංගම බස්රථ, පුස්තකාල ලෙස ප්‍රතිනිර්මාණය කර පුස්තකාල නොමැති පාසල් සඳහා ලබා දීමේ “බසයෙන් අනාගතයට” දෙවැනි අදියර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා(12) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. 

ඒ අනුව දිස්ත්‍රික්ක 20ක පුස්තකාල පහසුකම් නොමැති පාසල් 20ක් සඳහා මෙලෙස බස්රථ පුස්තකාල ලබා දීම සිදුවිය.   “බසයෙන් අනාගතයට” පළමු අදියර අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය ඔක්තෝම්බර් 01 වැනිදාට යෙදුණු ලෝක ළමා දිනය දා ක්‍රියාත්මක විය. එදින දිස්ත්‍රික්ක 5ක තෝරාගත් පාසල් 5ක් සඳහා බස් රථ පුස්තකාල ප්‍රදානය කෙරිණි. 

අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික්ක 20ක තොරාගත් පාසල් 20කට මෙසේ බස් රථ පුස්තකාල බෙදා දීමත් සමඟ දිස්ත්‍රික්ක 25ටම මෙම සංකල්පය යටතේ බස් රථ පුස්තකාල පිරිනමා තිබීම විශේෂත්වයකි. 

 966 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply