විපක්ෂය අභූත චෝදනා නඟමින් ජනතාව මුලා කිරීමට ගෙන යන ව්‍යාපාරයට ඉඩදිය නොහැකි

විපක්ෂයක් හැටියට විවිධ චෝදනා නැගීමට හැකි නමුත් ඒවා සත්‍ය තොරතුරු මත පදනම් විය යුතු බවත් එහෙත් අභූත චෝදනා නඟමින් ජනතාව මුලා කිරීමට ගෙන යන ව්‍යාපාරයට ඉඩදිය නොහැකි බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි. “මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවට විරුද්ධව ගෙනා යෝජනාවට පසුගිය රජය සම අනුග්‍රහය දැක්වීය.

එකී ස්ථාවරය ප්‍රතික්ෂේප කළ වත්මන් රජය සම අනුග්‍රාහකත්වයෙන් ඉවත් විය. MCC ගිවිසුම ඇතුළු රටට අහිතකර ගිවිසුම් වලින් ක්‍රමානුකූලව ඉවත්ව ජනතාවට දුන් පොරොන්දු ඉටු කරනු ලැබීය. උද්ඝෝෂකයන්ට බැටන් පහර සහ කදුළු ගෑස් වෙනුවට විරෝධය පළ කිරිමට වෙනම ස්ථානයක් පවා වෙන් කෙරිණ. ජාතිකත්වයට, දේශීයත්වයට ප්‍රමුඛතාව දෙමින් කෘෂි ආර්ථිකයක් ගොඩනගමින් අපේ ගොවියා රැක ගැනීමට පියවර ගන්නා ලදී.

මෙතෙක් කල් පිට රට ගොවීන් පොහොසත් කළ ආර්ථික පිළිවෙත වෙනස් කොට රට තුළ වගා කළ හැකි දේ වගා කරමින් අපේ ගොවියා පොහොසත් කිරීමට පරිසරය නිර්මාණය කෙරිණ. මෙවැනි පසුබිමක මානව හිමිකම් කවුන්සිලය ප්‍රථම වතාවට රජයට එරෙහිව වැඩිම චෝදනා ගණනක් සහිත වාර්තාවක් ඉදිරිපත් කර ඇත.” යනුවෙන් ජනාධිපතිතුමා සදහන කළේය. 

ඊයේ (13) පෙරවරුවේ ගාල්ල දිස්ත්‍රික්කයේ, මාදම්පාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්, ගලගොඩ නැගෙනහිර ග්‍රාමනිලධාරී වසමේ ජනපද කනිටු විදුහල් භූමියේ පැවති “ගම සමග පිළිසඳර” 14 වැනි වැඩසටහනේදී ජනාධිපතිතුමා මේ බව පැවසීය. 

 504 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply