‘පීඩිතයා වෙනුවෙන් විපක්ෂයේ සැබෑ කාර්‍ය ඉටු කරනවා’

ප්‍රතිඵලය කුමක් වුවත් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පිටත සිට විපක්‍ෂයේ සැබෑ කාර්යභාරය ඉටු කරන බව ජ.වි.පෙ. නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් පැවැසීය. එමෙන්ම ජනතාව ජාතික ජන බලවේගයට ලබාදුන් කැමැත්ත මෙය බව පක්‍ෂයක් වශයෙන් පිළිගන්නා බවද ජ.වි.පෙ. නායකයා සඳහන් කළේය.

ඔහු පැවැසුවේ ලද ප්‍රතිඵලය දෙස බලා නැවත විශ්ලේෂණය කළ යුතු හා ආවරණය කළ යුතු ප්‍රදේශ මෙන්ම සංවර්ධනය විය යුත්තේ මොනවාද යන්න ගැන සොයා බලා එම කාර්යයන් ඉටු කිරීමට ජනතාව ඉදිරියේ පොරොන්දු වන බවය. 

විපක්‍ෂයක් ගොඩනැඟෙන්නේ පාර්ලිමේන්තුවේම නොවන අතර පාර්ලිමේන්තුවෙන් පිටත ප්‍රබල විපක්‍ෂයක භූමිකාව ඉටු කළ හැකි බව භාවිතයෙන් ඔප්පු කරන බව පැවැසූ දිසානායක මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ මේ රට ගොඩනැඟිය හැකි වන්නේ දුන් පොරොන්දු හා ප්‍රතිපත්ති මාලාවෙන් පමණක් බවද විශ්වාස කරන බවය. 

 425 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply