අගමැති ග්‍රාමීය නිවාස ව්‍යාපෘතිවල ප්‍රගතිය විමසා බලයි

 ග්‍රාමීය නිවාස ව්‍යාපෘතිවල ප්‍රගතිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (12) පෙරවරුවේ විමසා බැලුවේය. ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ විශේෂ ප්‍රගති සමාලෝචනයට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා මේ පිළිබඳව අවධානය යොමු කළේය. 

සෙත්සිරිපායේ පිහිටි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ  ශ්‍රවණාගාරයේ දී මෙම විශේෂ ප්‍රගති සමාලෝචන රැස්වීම පැවැත්විණි. “ සැමට නිවසක් සහ තිරසර ඉදිකිරීම් කර්මාන්තයක්” තේමාවෙන් සිය රාජ්‍ය අමාත්‍යංශය ඔස්සේ ක්‍රියාත්මක වැඩපිළිවෙල මෙහි දී රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා විසින් පැහැදිළි කළේය. ග්‍රාමීය නිවාසවලට අමතරව ඉදිකිරීම් හා ගොඩනැගිලි කර්මාන්ත ක්ෂේත්‍රයේ මේ වනවිට පවතින ව්‍යාපෘති හා ඒවායේ ප්‍රගතිය අග්‍රාමාත්‍යතුමාගේ අවධානයට ලක්විය.

 630 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply