අපේ ක්‍රිකට් ප්‍රවීණයෝ ඉන්දියාවේදී වැඩ පෙන්වති

ඉන්දියාවේ රායිපූර්හි පැවැති ලොව ප්‍රවීණ ක්‍රීඩකයන් සහභාගීවන ‘රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස්’ ක්‍රිකට් තරගාවලියේ පෙරේදා පැවැති තරගයෙන් දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් පිල පරාජය කොට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල කඩුලු 9ක විශිෂ්ට ජයක් අත්කර ගත්තේය. ඕවර් 20 නිමා වීමට තවත් පන්දු 40ක් ඉතිරිව තිබියදී ජයගත් ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ ලකුණු 12ක් ලබා ඉන්දියාව හා සම තත්ත්වයකට පත්විය.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට ආරාධනා කළ අතර, ඕවර් 18.5කදී ලකුණු 89කට සීමා විය. එහිදී ඇන්ඩෘ පුටික් ලබාගත් ලකුණු 35 හා සැන්ඩර් ඩී බ්‍රයන් ලකුණු 15ක් ලබා ගැනීම හැර සෙසු පිතිකරුවෝ අසාර්ථක වූහ. පන්දු යැවීමේදී කුලසේකර, රංගන හා ජයසූරිය කඩුලු 2 බැගින් බිඳහෙලා දස්කම් දැක්වූහ.

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ඕවර් 13.2 කදී කඩුල්ලක් දැවී ලකුණු 92ක් රැස්කරමින් තරගයේ ජය තහවුරු කළේය. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ටී. එම්. ඩිල්ෂාන් පන්දු 40කදී නොදැවී ලකුණු 50ක් හා උපුල් තරංග පන්දු 31කදී ලකුණු 27ක් ලබා ගත්හ.

දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ලකුණු 89 (18.5)

ඇන්ඩෘ පුටික් 35, සැන්ඩර් ඩී බ්‍රයන් 15 (නුවන් කුලසේකර 13/2, රංගන හේරත් 11/2 , සනත් ජයසූරිය කඩුලු 24/ 2 )

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 92 ( 13.2) සනත් ජයසූරිය 8, ටී. එම්. ඩිල්ෂාන් නොදැවී 50, උපුල් තරංග නොදැවී 27 ( ගානට් කෘගර් 23/1)

ශ්‍රී ලංකාව සහභාගීවන මීළඟ තරගය අද බංග්ලාදේශ ලෙජන්ඩ්ස් පිල සමග පැවැත්වේ.

 659 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply