පාස්කු කොමිෂන් සභා වාර්තාව විවාදයට

පාස්කු කොමිෂන් සභා වාර්තාව පිළිබඳ විවාදය අද (10) පැවැත්වීමට නියමිතය. අද  (10) දිනයේ දී  පාස්කු කොමිෂන් සභා වාර්තාව විවාදයට ගැනීමට නියමිත බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය. 

ජනාධිපති කොමිෂන් සභා වාර්තාව රජය විසින් ගෙන එනු ලබන කල්තැබීමේ යෝජනාවක් ලෙස විවාදයට ගැනීමට නියමිතව ඇත. අද පෙරවරු 11.00 සිට පස්වරු 05.30 දක්වා පාස්කු කොමිෂන් සභා වාර්තාව විවාදයට ගැනීමට නියමිතය. 

කෙසේවෙතත් එම විවාදය සඳහා තවත් දිනයක් ලබාදීමට ද සැලසුම් කර ඇති බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.

 240 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply