පාස්කු ප්‍රහාරය සම්බන්ධ නීතිමය කටයුතු කඩිනමින් – ඇමති රමේෂ්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිමය කටයුතු කිරිමට බොහෝම පැහැදිලි හා කඩිනමින් කටයුතු කරන බව ඉතාම ගෞරවයෙන් ප්‍රකාශ කරන බවත්,මෙය යටපත් කිරිමට හෝ සැඟවිමට අප රජයට කිසිම කාරණයක් නොමැති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය හා සම කැබිනට් අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. 

ඊයේ (09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැති කැබිනට් දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් ඇමතිවරයා මේ බව කීය. මාධ්‍ය හමුවේ දී විමසූ පැනයකට පිළිතුරු දෙමින් වැඩිදුරටත් අදහස් දැක් වු ඇමතිවරයා සඳහන් කළේ,පාස්කු ප්‍රහාරය සිදු වුවෙත් , ජනාධිපති කොමිෂන් සභා ස්ථාපනය කරනු ලැබුවේත් පසුගිය යහපාලන ආණ්ඩුව බව නැවත නැවත සිහිපත් කරන බවත්,ඒ සම්බන්ධයෙන් වත්මන් රජය කිසිදු මැදිහත්විමක් සිදු නොවු බවත් කීය

 870 total views,  15 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply