යාපනය දිස්ත්‍රික්කයෙන් උඩුප්පිඩි ආසනයද ජයග්‍රහණය කොට ශ්‍රිලනිපයෙන් පාර්ලිමේන්තුවට තේරි පත්වූ Angajan Ramanathan මන්ත්‍රීතුමාගේ පිලිගැනීමේ උත්සවයක් ඔහුගේ පේජය හරහා නැරඹුවෙමි.

දශක ගණනාවකට පසු මහ මැතිවරණයකදී ප්‍රධාන ප්‍රවාහයේ දේශපාලන පක්ෂයක් උතුරේ මැතිවරණ කොට්ඨාශයක් ජයග්‍රහණය කර ඇත.
1970 දී ශ්‍රිලංකා කොමියුනිස්ට් පක්ෂය විසින් කයිට්ස් ආසනය දිනූ පසු වෙනත් එවැනි මතකයක් මා සතුව නම් නොමැත.

උතුරේ ජනතාව ජාතිවාදය පසෙකට දමා තිබේ…
යාපනයේ කෙලවරක ඇති කයිට්ස් ආසනයේ මිනිසුන් දකුණ සමග හොදින් ගණුදෙනු කරන ඊපීඩීපී පක්ෂය දිනවා ඇති අතර උඩුප්පිඩි ආසනයේ මිනිසුන් මෛත්‍රිපාල සිරිසේන නායකත්වය දෙන ශ්‍රිලනිපය දිනවා ඇත.

දකුණේ අපි මොන විවේචනය කලත් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් පසුගිය කාලය පුරාවට ශ්‍රිලනිපය උතුරේ ජනතාව අතරට ගෙන ගිය බව පිලිගත යුතුව තිබේ…
2015 වසරේ මැතිවරණයෙන් පසු අංගජන් රාමනාතන් හට ජාතික ලැයිස්තු අසුනක් ලබා දුන්නේද ඔහු විසිනි.
අවසානයේ එහි ප්‍රථිපලය ලෙස 2020 දී දෙමල සන්ධානයේ උතුරේ ඒකාධිකාරය බිද දැමීමට ශ්‍රිලනිපයට සහ ඊපීඩීපී සංවිධානයට හැකිව තිබේ.

” අංගජන් “ජනතාව සමගින් ගම් දනව් සිසාරා පිලි ගැනීමේ පෙලපාලියේ යනවා දුටු විට මට ඇතුවූයේ ඉමහත් සතුටකි…
ජාතිවාදය සහ විරසකය පෝෂණය කල දේශපාලකයන් වෙනුවට අංගජන් වැනි තරුණයන් උතුර දිනා ගෙන ඇත.

ජාතිවාදයෙන් දෙපසට බෙදී ලේ පෙරාගෙන මල මිනී මතින් අවසන් වන දේශපාලනයකට වඩා මේ දේශපාලනය කොතරම් අගනේද …

ගරු ජනාධිපතිතුමා සහ සමස්ථ ආණ්ඩු පක්ෂයේම හිතවතුන්ගෙන් අප ඉල්ලන්නේ එක ඉල්ලීමකි…

මෙතෙක් කලක් පැවැති ආණ්ඩු උතුරේ එකම ඇමතිවරයා වූ ඩග්ලස් දේවානන්දට දුන් නාමික ඇමති කටු මෙන් අමාත්‍යංශ බෙදා වෙන් නොකර බලයක් සහ විෂයය පද්ධතියක් ඇති රටටම බල පවත්නා හරි හමන් අමාත්‍යංශයන් මෙවර අංගජන්ට සහ ඩග්ලස්ට ලබා දෙන මෙනි.

සදාකාලික විපක්ෂයේ ඉදිමින් උතුරේ ජනතාව තුල වෛරය පෝෂණය කල සාම්ප්‍රදායික දෙමල දේශපාලකයාට ඊට පසු උතුරේ ජනතාව විසින්ම නියම පාඩම කියා දෙනු ඇත.

බලය බෙදීමට ෆෙඩරල්ම අවශ්‍ය නැති බවට ලෝකයට පණිවිඩයක්ද ලැබෙනු ඇත.

– පන්සිළු ඩිනිත් –

උපුටා ගැනීම : තිත්ත උනත් ඇත්ත Thiththa unath aththa ෆේ ස්බුක් පිටුව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here