කොළඹ නාගරික දුම්රිය ව්‍යාපෘතියට මහරගම නගරයත්

කුමන සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ ද එහි ප්‍රමුඛ අරමුණ විය යුත්තේ ජනතාවගේ අවශ්‍යතා සම්පූර්ණ කිරීම බව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසයි.

අග්‍රාමාත්‍යතුමා පෙන්වා දෙන්නේ ජනතා අවශ්‍යතා ඉටු නොවන සංවර්ධන ව්‍යාපෘති ඉතිහාසයට සීමා කළ යුතු බවයි. මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ බව කියා සිටියේ කොළඹ නගරයේ රථ වාහන තදබදය අවම කිරීමේ අරමුණෙන් යෝජිත දුම්රිය ව්‍යාපෘතියේ පළමු අදියර පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවකට එක් වෙමිනි. 

මෙම ව්‍යාපෘතියේ මුල් අදියර යටතේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශ ආවරණය වන පරිදි ඉදි කිරීම සඳහා දුම්රිය මාර්ග තුනක් හඳුනාගෙන තිබේ. රාගම සිට කොළඹ කොටුව හරහා කිරුලපන දක්වා ද, අනෙක් මාර්ගය මොරටුව, පිළියන්දල, නාරාහේන්පිට හරහා කැලණිය දක්වා ද, තුන් වැන්න කොට්ටාව, පන්නිපිටිය, තලවතුගොඩ හරහා හුනුපිටිය දක්වා ද ඉදි කිරීමට යෝජිත බව නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීහු මෙහි දී අග්‍රාමාත්‍යතුමා හමුවේ පැවැසූහ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙහි දී කියා සිටියේ වඩාත් ජනාකීර්ණ නගරයක් වන මහරගම නගරය මෙම ව්‍යාපෘතිය සඳහා ඇතුළත් කිරීම වඩාත් ප්‍රයෝජනවත් වනු ඇති බවයි

පිට පළාත්වලින් විශාල වශයෙන් ජනතාව මහරගම ප්‍රදේශය වෙත පැමිණෙන බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ දැනට පවතින නගරයේ දැඩි රථ වාහන තදබදයට ද මෙම ව්‍යාපෘතිය හරහා විසඳුම් ලැබෙනු ඇති බවයි. ඒ අනුව කිලෝමීටර් 21.5ක දුරකින් සමන්විත යෝජිත කොට්ටාව, හුනුපිටිය දුම්රිය මාර්ගය සඳහා මහරගම නගරය ඇතුළත් කළ හැකි බව නාගරික සංවර්ධන අධිකාරී නිලධාරීහුඅග්‍රාමාත්‍යවරයා හමුවේ කියා සිටියහ. මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, භාණ්ඩාගාර ලේකම් එස්. ආර්. ආටිගල ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක් වූහ.

 358 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply